සීගිරියේ දිගින් දිගටම නිදන් හෑරූ මහ මොලකරු කොටුවෙයි ||www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Tuesday, July 9, 2019

සීගිරියේ දිගින් දිගටම නිදන් හෑරූ මහ මොලකරු කොටුවෙයි ||www.gossip lanka sri news.com



සිගිරිය ප්‍රදේශයේ එකදිගට ඉතා රහසිගතව  සිදු කරගෙන යන පුරාවස්තු විනාශය සහ නිදන් කොල්ලකෑමේ සිද්ධිය මෙහෙයවූ බව කියන ප්‍රධාන සැකකරු සීගිරිය ප්‍රදේශයේදී  පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. සීගිරිය 
රාමකෑලේ ප්‍රදේශයේ 
අක්කර දහයක පමණ භූමියක පුරාවස්තු විනාශ කරමින් නිදන් සෙවීමේ ජාවාරමක් සිදුවන බව පසුගියදා මාධ්‍ය මගින් අනාවරණය කළේය.

ඒ අනුව පුරාවිද්‍යා භූමියේ වැටී තිබූ ජංගම දුරකථනයකින් ලබා ගත් තොරතුරු මත පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහුගෙන් හෙළිකර ගත් කරුණු මත මෙම ජාවාරම මෙහෙයවූ පුද්ගලයා බවට සැක කරන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව සීගිරිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර්.කේ.සී.ටී. රත්නායක මහතා කියා සිටියේය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සීගිරිය ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු වන අතර නිදන් සෙවීම, මංකොල්ලකෑම්, පුරාවස්තු විනාශ කිරීම සහ අනවසර ගැනීම සම්බන්ධයෙන්  ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

-කංචන කුමාර ආරියදාස-

No comments:

Post a Comment

Pages