වෛද්‍ය සාෆිගේ බිරිඳගෙන් පොලීසියට පැමිණිල්ලක් ||www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Wednesday, July 24, 2019

වෛද්‍ය සාෆිගේ බිරිඳගෙන් පොලීසියට පැමිණිල්ලක් ||www.gossip lanka sri news.com




වෛද්‍ය මොහොමඩ් සාෆිට විරුද්ධව රෝහල් අධ්‍යක්ෂවරයා සහ පොලිසිය ව්‍යාජ චෝදනා එල්ල කර ඇති බව සඳහන් කරමින් වෛද්‍ය සාෆිගේ බිරිඳ, වෛද්‍ය ඉමාරා සාෆි ඊයේ (23) පොලිස් මූලස්ථානයට 
පැමිණිලි දෙකක් ඉදිරිපත් කළාය. CIB ii 182/108, CIB ii 187/109 යන අංක යටතේ මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා විසින් වෛද්‍ය සාෆිට විරුද්ධව ව්‍යාජ පැමිණිලි 11ක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම, 
කුට ලේඛන සකස් කිරීම, අධිකරණය  නොමග යවනසුලු බොරු තොරතුරු ලබාදීම යන කාරණා සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කරන ලෙස ඉන් එක් පැමිණිල්ලකින්  ඉල්ලා ඇත.

කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, කුරුණෑගල කොට්ඨාස භාර පොලිස් අධිකාරි මහේෂ් දිසානායක කුරුණෑගල අපරාධ විමර්ශන අංශයේ පොලිස් ස්ථානාධිපතිවරයා යන නිලධාරින් විසින් වෛද්‍ය සාෆිට විරුද්ධව බොරු පැමිණිලි නවයක් ඉදිරිපත් කළ බවට චෝදනා කරමින් කූට ලේඛන සකස් කිරීමේ චෝදනාව යටතේ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අනෙක් පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ

No comments:

Post a Comment

Pages