දේපල කොල්ලකෑමකට සම්බන්ධයෙන් මීගමුව මහ නගරසභාවේ විපක්ෂ නායක අත්අඩංගුවට||www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Monday, July 8, 2019

දේපල කොල්ලකෑමකට සම්බන්ධයෙන් මීගමුව මහ නගරසභාවේ විපක්ෂ නායක අත්අඩංගුවට||www.gossip lanka sri news.com



නිවසකට අයුතු ලෙස ඇතුළු වී පුද්ගලයෙකුට පහර දී දේපළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් මීගමුව ආසනයේ එක්සත් ජාතික පක්ෂ හිටපු සංවිධායක සහ මීගමුව මහ නගර සභාවේ විපක්ෂ නායක රොයිස් විජිත ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 23 වනදා අදාළ අපරාධය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව  අද (07) දහවල් මීගමුව නගරයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

චීන ජාතික කාන්තාවකට අයත් නිවසකට ඇතුළු වී පුද්ගලයෙකුට පහර දී දේපළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් ඔහුට පැමිණිල්ලක් ලැබී ඇති අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු හෙට (08) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

No comments:

Post a Comment

Pages