මෙවර පොදු අපේක්ෂකයා ජාවීපෙන් ||www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Friday, July 5, 2019

මෙවර පොදු අපේක්ෂකයා ජාවීපෙන් ||www.gossip lanka sri news.com


මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ල ඉදිරි ජනපතිවරණයට තම පාක්ෂිකයකු ඉදිරිපත් කිරීමට සැලැසුම් සකස් කරමින් සිටියදී ජනතා විමුක්ති පෙරමුණ ඉදිරි මැතිවරණයට සිය පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව ඉදිරි ජනපතිවරණය සඳහා ජවිපෙ සිවිල් සමාජය නියෝජනය කරනු ලබන පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සැලැසුම් කර තිබේ.

කෙසේවුවද, ඔවුන් බලාපොරොත්තුවන ආකාරයේ ජාතික වැඩපිළිවෙලකට නායකත්වය සපයන අපේක්ෂකයකු පමණක් ජනපතිවරණයට ඉදිරිපත් කිරීමට මේවන විට ජවිපෙ හා එම පක්ෂය සමඟ සමීපව කටයුතු කරනු ලබන සිවිල් ක්‍රියාකාරීන් තීන්දුවකට එළඹ ඇතැයි ද පැවසේ.

ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා පොදු පෙරමුණකින් ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහු තරගකරනුයේද පොදු ලකුණකින් බව පැවසේ.

මේ අතර, ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අනිද්දා සමඟ පවසා ඇත්තේ ලබන ජුලි 14 වැනිදා ජවිපෙ හා ජවිපෙට සම්බන්ධ සිවිල් ක්‍රියාකාරිකයන්ගේ මැදිහත්වීමෙන් මහජන මධ්‍යස්ථානයක් පිහිටුවන බවත් ඉන් පොදු අපේක්ෂකයා තෝරා ගැනීමට සැලැසුම් කර ඇති බවයි.

ඒකාබද්ධය 3ට කැඩෙයි

සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර අදහස් මත, කණ්ඩායම් තුනක් ක්‍රියාකරමින් සිටීම නිසා ඒකාබද්ධ විපක්ෂයේ බේදීම් සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් ලබන 09 වැනිදා පැවැත්වෙන බව රාවය සිය මුල් පුවතින් වාර්තා කර තිබේ.

මෙලෙස බෙදී ඇති එක් කණ්ඩායමක් අගෝස්තු 11 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමුළුවට පෙර ජනපතිවරණයට ගොඩනගන සංධානයේ නම, ලකුණ හා වැඩපිළිවෙල සම්බන්ධයෙන් අවසන් තීන්දුවකට පැමිණිය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ලිඛිතව දන්වා ඇති බවද පැවසේ.

වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා ප්‍රභා ගනේස්වරන් යන පිල පසුගිය 26 වැනිදා විපක්ෂ නායකවරයා සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති බවද වාර්තා වේ. 

No comments:

Post a Comment

Pages