ලෝකයේ වෙබ්අඩවි මිලියන ගණනක් බිදවැටේ ||www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Thursday, July 4, 2019

ලෝකයේ වෙබ්අඩවි මිලියන ගණනක් බිදවැටේ ||www.gossip lanka sri news.com


ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ඊයේ දින (ජූලි 03) Facebook, Instagram, WhatsApp බිද වැටීමකට ලක් වුනි. WhatsApp සහ Instagram යනු Facebook ආයතනයට අයත් සමාජ ජාල මාධ්‍ය අඩවි වේ.

ඊයේ සවස මෙම බිදවැටීම පිලිබදව අප සංගමය වෙත ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් වාර්තා වීම් ලද අතර Down detector යන වෙබ් අඩවියෙහි එය ශ්‍රී ලංකාවටම පමණක් පොදුවූ තත්වයක් නොව සමස්ත ලෝකයටම බලපාන ලද බිදවැටීමක් ලෙස දැකගත හැකිවිය.

මෙම බිද වැටීමට හේතුව Server ගැටලුවක් නිසා බව අප සංගමය ඊයේ දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනමාධ්‍ය හා සාමාන්‍ය ජනයා වෙත දැනුම් දෙන ලද අතර ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, වට්සැප් යෙදුමෙහි චායාරූප,වීඩියෝපට සහ අනෙකුත් මාධ්‍ය යන භාගත නොවී පැවතීම සහ එම අඩවියන් පරිශීලක ගිණුම් වලට පිවිසීමේදී පවා යම් යම් බාදා පැමිණි බව අප සංගමය එහිදී වැඩිදුරටත් සදහන් කරන ලදී.

පෙරේදා (02) ලොව පුරා වෙබ් අඩවි ගණනාවකට සේවා සපයන Cloudflare ආයතනයේ තාක්ෂණික බිදවැටීමක් සිදුවීම හේතුවෙන් සමස්ත අන්තර්ජාලයේ පවතින වෙබ් අඩවි වල විශාල ප්‍රමාණයක් බිදවැටිමකට ලක්වී ඇති අතර මෙම බිදවැටීම මිලියන ගණනක් වූ වෙබ් අඩවි ප්‍රමාණයකට බලපා ඇතැයි වාර්තා වේ.

මෙම මිලියන ගණනක් වූ වෙබ් අඩවි අතරට ශ්‍රී ලාංකික වෙබ් අඩවි සුළු ප්‍රමාණයක්ද ඇතුලත්වන බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙත වාර්තා වී ඇත.

මෙම බිදවැටීම් දෙකම එකිනෙකට සම්බන්ධයැයි කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ යම්කිසි සංවිධානාත්මක පිරිසක් කටකතා පතුරුවන ලදී. එම කටකතා සත්‍ය නොවන අතර ෆේස්බුක් වැනි ලෝකයේ වැඩිම පරිශීලකයන් පිරිසක් සිටින සමාජ මාධ්‍ය අඩවියක් තවත් ආයතනයකින් Server පහසුකම් මිලදී නොගන්නා අතර තම දත්ත ගබඩා කරගැනීමට අදාළ Data Centers ඔවුන් සතුවම පවතී.

එමෙන්ම මෙම සමාජ මාධ්‍ය ජාල අඩවි මේ වසර හා පසුගිය වසර කිහිපයකදීම කිහිප වතාවක් බිදවැටුණු අතර එම බිදවැටීම් සියල්ලටම හේතුව ලෙස Server හා බැදී තාක්ෂණික ගැටළු යැයි ඔවුන් විසින් තම පරිශීලකයන් හට දන්වා තිබේ.

එමෙන්ම ෆේස්බුක් බිදවැටීමට පැය 24 කට කලින් Cloudflare සේවාවන් බිදවැටීම සිදුවූ කාල පරතරය ගත්විටද එය පැය 24ක පමණ පරතරයක් ගන්නා බැවින් Cloudflare සේවාවන් බිදවැටීම නිසා ෆේස්බුක්,වට්සැප්,ඉන්ස්ටග්‍රෑම් යන වෙබ් අඩවි බිද වැටීමකට ලක්වූවා යැයි එක එල්ලයේ ප්‍රකාශ කිරීම අප සංගමය තර්කානුකුලව බැහැර කරමු.

චාමික ගගුල් ගුරුගේ
මාධ්‍ය ප්‍රකාශක
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය 

No comments:

Post a Comment

Pages