ෂැන්ගිලා බෝම්බයෙන් තුවාල වූ නීතිඥයා රජයෙන් වන්දි ඉල්ලයි || www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Thursday, July 11, 2019

ෂැන්ගිලා බෝම්බයෙන් තුවාල වූ නීතිඥයා රජයෙන් වන්දි ඉල්ලයි || www.gossip lanka sri news.com



පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත්ව තිබියදී ඊට නිසි පිළියම් නොයෙදීමෙන් තමන්ට සිදුවූ හානියට රජයෙන් රුපියල් කෝටි 50ක වන්දි මුදලක් අයකර දෙන ලෙස ඉල්ලා කොළඹ ෂැන්ගිලා හෝටලයේදී පිපිරී ගිය බෝම්බයට හසුවී දැඩි පිලිස්සුම් තුවාල ලැබූ නීතිඥවරයෙකු 
ඊයේ (10) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. එම පෙත්සම හෙට (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතය. වෘත්තීයෙන් නීතිඥවරයකු වන තලංගම පදිංචි මෝදිත ටිකිරි බණ්ඩාර ඒකනායක මහතා මෙම පෙත්සම ගොනු කර ඇත.

මෙහි වගඋත්තරකරුවන් වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර, රජයේ බුද්ධි අංශ ප්‍රධාන නිලන්ත ජයවර්ධන, විශේෂ ආරක්ෂකයන් දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක යන මහත්වරු

නීතිපති ඇතුළු 44 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.

එම ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත්ව තිබියදී ඊට නිසි පිළියම් නොයෙදීමෙන් තමන්ගේත් රටේ ජනතාවගේත් මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි ප්‍රකාශයට පත් කරන්නැයිද පෙත්සම්කාර නීතිඥවරයා සිය පෙත්සම මඟින් සඳහන් කර ඇත. නීතිඥ ඩිල්ෂාන් මනම්පේරි මහතා මාර්ගයෙන් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.

මෙම
පෙත්සම්කරු ශ්‍රී ලාංකිකයකු හා වෘත්තියෙන් නීතිඥවරයෙකි. පසුගිය අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරුදින කොළඹ ඇතුළු ස්ථාන අටක අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ සහාය ඇති ජාතික තවුහිද් ජමාත් නමැති සංවිධානයේ නායක සහරාන් හෂීම් නමැත්තකු විසින් කොළඹ ෂැන්ගිලා හෝටලයේදී සිදු කළ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයට තමා ලක් වූ බවත් බෝම්බ ප්‍රහාරයට හසුවී දැඩි ලෙස පිළිස්සුම් තුවාල ලැබූ තමන් ෂැන්ගිලා හෝටලයේ කුලී රථ සේවාවේ රියැදුරකු විසින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවත් පෙත්සම්කරු පවසයි.

හිස, මුහුණ, දෙඅත් සහ දකුණු කලවා ප්‍රදේශවලට දැඩි පිළිස්සුම් තුවාල ලැබූ තමන් එතැන් පටන් දින දෙකක් එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේද, එම රෝහලේ පිලිස්සුම් ඒකකයේ මාසයකට
අධික කාලයක්ද නේන්වාසිකව ප්‍රතිකාර ලබා ගත් බවද පෙත්සම්කරු කියා සිටී. මෙම බෝම්බ ප්‍රහාරයෙන් දැඩි කායික පීඩාවට පත් තමා ඇතුළු රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් පැන නැගී ඇත.

මෙම තත්වය තුළ රජය රටේම ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව කටයුතු කළ යුතුව තිබේ. වගඋත්තරකරුවන් විසින් රටේ ජනතාවගේ ආරක්ෂාව නිසි අයුරින්
නොසැලකීම තුළින් ජනතා භාර මූලධර්මය උල්ලංඝනය වී ඇත. මෙම සිද්ධිය පිළිබඳව පූර්ව දැනුවත්ව සිටියදීත් ඒ පිළිබඳ පියවර නොගැනීමෙන් වගඋත්තරකරුවන් සිය වගකීම් පැහැර හැර ඇත. මෙම තත්වය තුළ වගඋත්තරකරුවන් විසින් ජනතාවගේත්, තමගේත් මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි ප්‍රකාශයට පත් කරන ලෙසත්, බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ තමන්ට කෝටි 50 ක වන්දි මුදලක් ලබාදෙන ලෙසත් රජයට නියෝග කරන්නැයි නීතිඥවරයා සිය පෙත්සමින් ඉල්ලා සිටී.
(තිළිණි ද සිල්වා)

No comments:

Post a Comment

Pages