තුනක් යටතේ කිරීම සඳහා එකඟ වී මේ වනවිට නිවාස ප්‍රමාණයක් ලබා දී ඇති බවත් ඇමැතිවරයා ‘මව්බිම’ට කීවේය.
ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති මේ ගැන සිය විෂය භාර ඇමැතිවරයා හා ලේකම්වරයා සමඟ සාකච්ඡා කොට ප්‍රකාශ කරන්නේ නම් අගය කළ හැකි බවද ඔහු කීවේය.
ඊට හේතුව උතුරු කොළඹට අයත් මට්ටක්කුලිය අවට නළ එළීම සිදුවන ප්‍රදේශයේ වෙසෙන සිය ජනතාවට නිවාස ලබාදෙමින් නළ එළීමේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සම්බන්ධව තමා වත්මන් ඛනිජතෙල් ඇමැති කබීර් හෂීම් සහ ලේකම් සමඟ සාකච්ඡා කොට තිබෙන බව එම වෘත්තීය සමිති නොදැනීම හාස්‍යයක් වන නිසා යැයිද ඔහු කීවේය.
මේ වනවිට එම ජනතාවට නාගරික සංවර්ධන අධිකාරිය අදාළ නිවාස වෙන් කර තිබෙන බවද ඛනිජතෙල් සංස්ථාවෙන් අදාළ මුදල් වෙන්කර ගැනීම සම්බන්ධව පවතින ගැටලුව පමණක් මෙතැන ඉතිරි වී ඇති බවද ඇමැතිවරයා කීවේය.
මේ ගැටලුව නිරාකරණය නොකොට මාස 15ක් තිස්සේ දඟලමින් සිටින බවත් ඛනිජ තෙල් සංස්ථාවේ වර්තමාන අදක්ෂතාව උතුරු කොළඹ ජනතාව මතින් යැවීමට තමා කිසිසේත් ඉඩ නොතබන බවත් ඔහු පැවැසුවේය.
ඛනිජ තෙල් වෘත්තීය සමිති මේ කරන්නේ තනිකරම විජ්ජාවක් බවද මේ ගැටලුව දේශපාලනීකරණය කර නොගෙන මානුෂීයව සිතා බලා තමුන්ගේ අමාත්‍යාංශය හා සාකච්ඡා කොට ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධව සැබෑ විසඳුමක් සොයා ගන්නා ලෙස තමා පවසන බවද ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.
හර්ෂනී අර්සකුලරත්න
No comments:
Post a Comment