අටලුගම ෆාතිමාගෙන් CID ය පැය 6ක් ප්‍රශ්ණ කෙරේ ||www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Monday, July 8, 2019

අටලුගම ෆාතිමාගෙන් CID ය පැය 6ක් ප්‍රශ්ණ කෙරේ ||www.gossip lanka sri news.com



අටලුගම ප්‍රදේශයේදී මුස්ලිම් අන්තවාදීන්ගෙන් පීඩා වූ බව පවසමින් පසුගියදා මාධ්‍ය හමුවක් පැවැත් වූ අබ්දුල් හසන් ෆාතිමාගෙන්  (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව පැය හයහාමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මේ අතර පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ අටලුගම ප්‍රදේශවාසීන් පැවසුවේ අදාල කාන්තාව මාධ්‍යයට කළේ අසත්‍යය බවයි.
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සමග අබ්දුල් හසන් ෆාතිමා නම් කාන්තාවක්ද පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී චෝදනා කළේ අටලුගම මුස්ලිම් පල්ලියෙන් තමන් සිංහල පුද්ගලයෙකු හා විවාහ වීම නිසා දැඩි බලපෑම් එල්ලවූ බවයි.

මේ අතර අටලුගම ප්‍රදේශයේ පදිංචි සිංහල පවුල් දොලහෙන් පවුල් තුනක සාමාජිකයින් හා ප්‍රදේශයේ මුස්ලිම් පල්ලිවල නියෝජිතයින් එක්ව පසුගිය හතර වැනිදා එම ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වා එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

සමස්ත ලංකා ජමයිතුල්ලා උලමා සංවිධානයේ සාමාජික අම්හර් හකම්දීන් ප්‍රකාශ කළේ අදාළ කාන්තාවගේ චරිතය සම්බන්ධ ගැටලුවකට ගම්වාසීන් ඇගේ නිවසට ගොස් ඇති බවත් එහිදී යම් ගැටලුකාරී සිදුවීමක් වී ඇති බවත්ය.

සිදුවීම පිටුපස මස්ජිත් සම්මේලනය හෝ මව්ලවිවරුන් හෝ නොමැති බවත් අටලුගමට විශේෂිත ෂරියා නීතියක් නොමැති බවත් ඔහු කියා සිටියේය.

එම අවස්ථාවට පැමිණි ප්‍රදේශවාසී කාන්තාවක් ප්‍රකාශ කළේ අදාළ ෆාතිමා නැමැති කාන්තාව මාර්තු මස 24 දින රෑ අනියම් පුද්ගලයෙකු සමඟ රැඳී සිටි බවත් ගම්වාසීන් එම ස්ථානයට ගොස් පොලීසියට දුරකථන ඇමතුමක් ලබා දී අදාල ස්ථානයට ගෙන්වු බවත්ය.

පසුව පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සමඟ අදාළ නිවසට ඇතුළු වු බවත් ප්‍රදේශයේ සිංහල ජනතාවත් ඒත් සමඟ එහි ගිය බවත් ඇය ප්‍රකාශ කළාය.

පසුව නිවසේ සිට දෙදෙනා මාංචු දමා පිටතට ගත් බව ද ඇය වැඩි දුරටත් පැවසීය.

එදා ඒ කාත්තාවට හා දරුවන්ට කිසිදු පහරදීමක් සිදු නොකළ බවත් මුස්ලිම් ප්‍රජාව ආගමෙන් ඉවත් වන ලෙස ඈට ප්‍රකාශ නොකළ බවත් ප්‍රදේශවාසී කාන්තාව වැඩිදුරටත් කියා සිටියාය.

එමෙන්ම ඇයට පල්ලියෙන් කිසිදු බලපෑමක් නොකළ බවත් ඇය පැවසීය.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කළ කැඳවීමකට අනුව අබ්දුල් හසන් ෆාතිමා අද පෙරවරු 9.30ට පමණ එහි පැමිණි අතර එහිදී ඇයගෙන් පැය හයහාමාරක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගත්තේය

No comments:

Post a Comment

Pages