9Apps නිසා මිලියන 25ක දුරකතන අනතුරේ || www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Tuesday, July 16, 2019

9Apps නිසා මිලියන 25ක දුරකතන අනතුරේ || www.gossip lanka sri news.com



මිලියන 25ක් පමණ වූ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන ප්‍රමාණයක් Malware නොහොත් අනිෂ්ට යෙදුම් ග්‍රහණයට ලක්ව ඇතැයි නවතම සොයාගැනීමකින් හදුනාගෙන තිබේ. මේ හරහා දුරකථන තුළ ඇති බැංකු ගිණුම්වලට 
අදාළ දත්ත ඇතුළුව පෞද්ගලික 
දත්තවලටද අනවසරයෙන් ඇතුළු වීම සහ සොරා ගැනීමේ අවදානමක්ද පවතියි.  මෙම Malware චීන අන්තර්ජාල සමාගමක් සතු ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සදහා වූ යෙදුම් ලබා ගැනීමට ඇති '9Apps” නම් යෙදුම වෙළෙඳසැල හරහා ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන මිලියන 25කට පමණ  පැතිර ගොස් තිබේ.

9Apps නම් මෙම ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් වෙළෙඳසැල චීනය, ඉන්දියාව, පාකිස්ථානය, ශ්‍රී ලංකාව වැනි රටවල් ඉලක්ක කරගනිමින් පවත්වාගෙන ගොස් ඇති අතර තෙවන පාර්ශ්වයක් විසින් නවීකරණයට ලක්කරන ලද ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් ලබා ගැනීමටද මෙය භාවිත කර ඇතැයි සොයාබැලීමීවලදී අනාවරණය විය.

මෙම යෙදුම් වෙළඳසැලෙන් ලබා ගත් ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් හරහා සොයාගත් Malware නොහොත් අනිෂ්ට යෙදුම් මිලියන 25ක ජංගම දුරකථනවලට ආසාදනය වී ඇති අතර ඇමෙරිකාවෙන් 303,000ක ආසාදිත ජංගම දුරකථන ප්‍රමාණයක්ද එංගලන්තයෙන් 137,000ක අසාදිත ජංගම දුරකථන ප්‍රමාණයක්ද සොයාගෙන ඇත.

-ශිවන්ති ප්‍රනාන්දු- 

No comments:

Post a Comment

Pages