විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු ජාතික රෝහලේ 5 වැනි මහලින් බිමට පැන සියදිවි නසාගනී ||www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Thursday, July 11, 2019

විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු ජාතික රෝහලේ 5 වැනි මහලින් බිමට පැන සියදිවි නසාගනී ||www.gossip lanka sri news.com


කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවේ ප‍්‍රතිකාර ලබමින් සිටි විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරුවරයකු  5 වැනි මහලින් බිමට පැන සියදිවි නසාගැන්මේ සිදුවීමක් පසුගිය සිකුරාදා වාර්තා විය.
මෙලෙස දිවි නසාගෙන ඇත්තේ නාරාහේන්පිට, ඇල්විටිගල මහල් නිවාසවල
පදිංචිව සිටි සිරිසේන කඩවතආරච්චි (88) නමැති කොළඹ මහාධිකරණයේ හිටපු විශ‍්‍රාමික විනිසුරුවරයෙකි. මෙම සිද්ධිය 5 වැනිදා රාත‍්‍රී 9.50 ට පමණ සිදුවී තිබේ. මෙම හිටපු මහාධිකරණ විනිසුරුවරයා දියවැඩියාව ඇතුළු තවත් රෝග කීපයකට අදාළව කොලඹ පුද්ගලික

රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිට ඇති අතර පසුව ඔහුගේ වෛද්‍ය පුත‍්‍රයා වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

තම රෝගී තත්වයන් සම්බන්ධයෙන් කලකිරී සිටි 88 හැවිරිදි හිටපු විනිසුරු හෙදියන්ට රහසේ දිවිනසාගැනීමේ කටයුත්ත සිදු කර ඇත්තේ හෙදියන් එහෙමෙහෙ යන අවස්ථාවක් බලා රාත්‍රී කාලයේ ජනේලයක් අසළට ගොස් පැනීමෙනි.

ප‍්‍රතිකාර ලබමින් සිටි රෝගියා ඇඳේ නොවුණෙන් ඒ ගැන සොයා බැලීමේදී වාට්ටු ගොඩනැගිල්ල යාබද පහළ මිදුල වෙත ඔහු වැටී ඇති අයුරුත් ඒ වනවිටත් මියගොස් සිටි අයුරුත් හඳුනාගෙන තිබේ.

විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරුවරයා මියගොස් සිටි ස්ථානයට පැමිණි කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක ඉරේෂා දේශානි සමරවීර මහත්මිය මුලික හදිසි මරණ පරීක්ෂණය සිදුකරන ලද අතර හදිසි මරණ පරීක්ෂණයේදී මියගිය විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරුවරයාගේ වෛද්‍ය පුතු සාක්ෂි දුන්නේය.
 මියගිය විනිසුරුවරයා ප‍්‍රතිකාර ලබමින් සිටි වාට්ටුවේ ප‍්‍රධාන හෙද නිලධාරිනිය මේ ගැන සැලකිලිමත් නොවීම හේතුවෙන් ලබන 13 වැනිදාට උසාවියට ඉදිරිපත් කරන්නැයි මරණ පරීක්ෂකවරිය පොලිසියට නියම කළාය.
මෙම සිද්ධිය පිළිබදව මරදාන පොලිසිය පරීක්ෂණ සිදු කරයි.



No comments:

Post a Comment

Pages