ලක්ෂ 29 ක ඇමරිකා හමුදාව අනවසරයෙන් ලංකාවට || www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Friday, July 5, 2019

ලක්ෂ 29 ක ඇමරිකා හමුදාව අනවසරයෙන් ලංකාවට || www.gossip lanka sri news.com



ලංකා නීතීඥ සංගමයේ නියෝජිතයින් හා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් විජේරාම නිල නිවසේදී පැවැත්විණි.

වත්මන් රජය ඇමරිකාවත් සමඟ අත්සන් කිරීමට සැරසෙන සෝෆා ගිවිසුම, ඇක්සා ගිවිසුම හා මිලේනියම් කෝපරේෂන් ගිවිසුම් නිසා රටට අත්විය හැකි ප්‍රතිවිපාක පිළිබඳව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ දැණුවත් කිරීමට හා ඒ පිළිබඳව සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා මෙහිදී කියා සිටියේ මෙම ගිවිසුම් අත්සන් කිරීම මඟින් මිලියන 2.9 වන ඇමරිකානු හමුදාවට ඕනෑම මොහොතක විසා හා ගුවන් ගමන් බලපත්‍ර නොමැතිව ලංකා භූමියට ඇතුල්විය හැති අතර යුද හමුදා ඇඳුම් වලින් සැරසී ආයුධ සන්නද්ධව ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ගමන් කිරීමේ හැකියාව මෙයින් ඔවුන්ට ලැබෙන බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ කිසිදු නීතියකට ඔවුන් යටත් නොවන අතර රේගු ගාස්තු වලින් තොරව ඕනෑම භාන්ඩයක් ලංකාවට ගෙන ඒමේ අවස්ථාවද හිමිවෙනවා. ඔවුන් මෙම භූමියේදී නීති විරෝධී යම් කටයුත්තක යෙදුනහොත් බලපාන්නේ මෙරට නීතිය නොවන බව පෙන්වා දෙන ලදී.   ත්‍රිකුණාමලය හා කොළඹ අතර ඇති කිරීමට යෝජිත ආර්ථික කලාපය නිසා ශ්‍රී ලංකා භූමිය දෙකඩ වීමට ඉඩ තිබෙන බවද වැඩිදුරටත් පැවසීය.

වසර 30ක යුද්ධයක් පැවති කාලයේදීවත් රට දෙකඩ කිරීමට ඉඩ නොදුන් අපි රටේ ආර්ථිකයට, ජාතික ආරක්‍ෂාවට කෙලින්ම බලපාන මෙවැනි  ගිවිසුම් වලට එළඹීමට ඉඩ නොතබන බවත් රාජ්‍ය තාන්ත්‍රිකව මෙවැනි ප්‍රශ්න විසඳා ගැනීමට කටයුතු කරන බවද විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවසූ අතර ජාතික වැදගත්කමක් ඇති මෙවැනි ප්‍රශ්න වලදී ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ අදහස් ලබාදීම අපට වඩාත් වැදගත් බවද මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, චන්දිම වීරක්කොඩි, අනුරාධ ජයරත්න යන මහත්වරුන් හා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක කමිටුවේ නියෝජිතයින් එක්වූහ.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම් 

No comments:

Post a Comment

Pages