කෝටි 100 කට විදපු පුත්තලම නීතිඥවරිය පවුල සමග රට පැනලා||www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Tuesday, July 16, 2019

කෝටි 100 කට විදපු පුත්තලම නීතිඥවරිය පවුල සමග රට පැනලා||www.gossip lanka sri news.com



වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාසයේ අංගම්පිටියේ පදිංචි වාණිජ බැංකු ශාඛා රැසක නීති නිලධාරි ලෙස සේවය කරමින් සිටි නීතිඥවරියක තම සැමියාගේද සහාය ඇතිව වසර 10ක කාලයක් චේතනාන්විතව මූල්‍ය වංචාවක් කරමින් ව්‍යාපාරිකයන් ඇතුළු අතිවිශාල පිරිසකගෙන්
රුපියල් කෝටි ගණනක මුදල් ලබාගෙන ඔවුන්ට ලාභාංශ ගෙවමින් හා  ඉදිරි දින යෙදූ චෙක්පත් ලබාදෙමින් සිට උන්හිටිහැටියේ දිවයිනෙන් පැනගොස් තිබීම හේතුවෙන් අගතියට පත් පිරිස් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කර තිබේ.
නීතිඥ ඉන්දික ප්‍රනාන්දු මහතා වෙත දිවුරුම්

ප්‍රකාශ මඟින් පුද්ගලයන් 33 දෙනෙක් දැනටමත් මේ ගැන පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර එම පිරිසට ලැබිය යුතු මුදල් ප්‍රමාණය පමණක් රුපියල් කෝටි 100ක් ඉක්මවන බවකි. වංචාකර ඇති මුළු මුදල කෝටි 400 ඉක්මවා යන බව කියති. ඉන්දික ප්‍රනාන්දු නීතිඥ මහතා වෘත්තියටද අගෞරව කරමින් ඇය සිදුකර ඇති මෙම මූල්‍ය වංචාව පිළිබඳව ජාත්‍යන්තර පොලිසියේද සහාය ලබාගැනීමට අදහස් කර ඇති බවද මාධ්‍යට පැවැසීය.

ඒ මහතා එසේ කිවේ අගතියට පත් පාර්ශ්වය සමඟ වයික්කාල අරලිය ශාලාවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි. මෙම චේතනාන්විත මූල්‍ය වංචාව සිදුකර ඇත්තේ වසර 10කට වැඩි කාලයක් පුත්තලම් දිස්ත්‍රික්කයේ වාණිජ බැංකු ශාඛා රැසක නීති නිලධාරිනියක ලෙස සේවය කළ නීතිඥවරියක බවද එම පැමිණිලි පාර්ශ්වයේ නීතිඥ මහතා වැඩිදුරටත්  කියා සිටියේය.

මෙම මූල්‍ය වංචාව සිදුකළ නීතිඥවරියගේ සැමියා බව

කියන තැනැත්තා රජයේ කොන්ත්‍රාත්කරුවකු ලෙස ක්‍රියා කරමින් හා පෞද්ගලික ආයතනයක් පවත්වාගෙන යමින් මෙම මූල්‍ය ගනුදෙනුවලට සහාය දී ඇති බවත් අදාළ නීතිඥවරියත් සැමියාත් ඔවුන්ගේ එකම පුතුත් පසුගිය අප්‍රේල් මාසයේදි පමණ හොර රහසේ දිවයිනෙන් පිටවී ගොස් මේ වනවිට සිංගප්පූරුවේ සැඟවී සිටින බවට ආරංචි ලැබී ඇති බවත් ගනුදෙනුකරුවන් දැඩි නොසන්සුන්තාවකට පත්ව ඇති බවත් වාර්තා වේ.මෙම මූල්‍ය වංචාවට ලක්ව ඇති පිරිස අතර මහා පරිමාණයේ ව්‍යාපාරිකයන්, වෛද්‍යවරුන් සේම තම කනකර උකසට තබා ඇයට මුදල් ලබාදී මාසිකව ලාභාංශ ලබාගත් අයත් සිටින අතර වසර ගණනාවක් මාසිකව ලාභාංශ ගෙවමින් හා ඉදිරි දින යෙදු චෙක්පත් ලබාදෙමින් ගනුදෙනුකරුවන් රැවැටිම කර එම මුදල්ද රැගෙන රටින් පැනයැම ඇයගේ එකම උපාය මාර්ගයක් වී ඇති බවද වාර්තා වේ.

-රොස් කොලින්-

No comments:

Post a Comment

Pages