
කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් මහතා විසින් සිසේරියන් සැත්කමක් සිදු කළ මුස්ලිම් ජාතික දෙදරු මවක වෛද්‍යවරයාට එරෙහිව ඊයේ (05 වැනිදා) කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ පාලනාධිකාරියට පැමිණිල්ලක් ගොනු කර ඇත.ඊයේ වන විට කුරුණෑගල රෝහලට ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි 656 ක් ලැබී තිබුණි. ඊයේ දිනය තුළ පමණක් පැමිණිලි 25ක් ලැබුණු බව කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ පාලනාධිකාරිය පැවසීය.
කුරුණෑගල නගරාසන්නයේ පදිංචිව සිටින 26 හැවිරිදි දෙදරු මවක වන මෙම මුස්ලිම් ජාතික කාන්තාව කියා සිටියේ තමන් විවාහව සිටින්නේ සිංහල ජාතිකයකු සමග බවත්, තමාගේ දෙවන දරුවා කුරුණෑගල ශික්‍ෂණ රෝහලේදී ෂාෆි වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කමක් සිදුකර ලබාගත් බවත්ය. තමන් විවාහව සිටින ස්වාමිපුරුෂයා සිංහල ජාතිකයකු බව ෂාෆි වෛද්‍යවරයා හොඳින්ම දන්නා නිසා මෙම සැත්කම සම්බන්ධයෙන් තමන්ට සැකයක් තිබෙන බවත්, එම නිසා රෝහලට පැමිණිලි කිරීමට පැමිණි බවත් ඇය පවසයි.
No comments:
Post a Comment