අද සිට සියලු සුරාසැල් වැසේ. |WWW.GOSSIP LANKA SRI NEWS.COM - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Thursday, June 13, 2019

අද සිට සියලු සුරාසැල් වැසේ. |WWW.GOSSIP LANKA SRI NEWS.COM

මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් අද (12) සිට ලබන 18 වැනිදා දක්වා පොසොන් සතිය ලෙස රජය විසින් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව හෙට (13) සිට ලබන 19 වැනිදා දක්වා අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ පිහිටි සියලු සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
එසේම පොසොන් පොහෝ දිනයේදී දිවයින පුරා සියලූ සුරාසැල් වසා තබන ලෙසටයි සුරාබදු දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී තිබෙන්නේ.
‘‘ සබ්බේ තසන්ථී දණ්ඩස්ස ’’ සියලූ සත්වයෝ දඬුවමට බියවෙති යන තේමාව මෙවර පොසොන් සතියේ තේමාව වී ඇති අතර මීට සමගාමීව අද (12) සිට ලබන 18 වැනිදා දක්වා සියළුම රාජ්‍ය ආයතන වල බෞද්ධ කොඩිය ඔසාවා තැබීමටත්, පොසොන් සැරසිළි වලින් අලංකාර කිරීමටත් තීරණය කර තිබෙනවා.

මේ අතර පොසොන් සමයේ අනුරාධපුර නගරය හා අවට ප‍්‍රදේශවල විශේෂ වැටලීම් සිදු කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කරන අතර ඒ සඳහා කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් දැනටමත් එම ප‍්‍රදේශ වෙත ගොස් සිටින බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ

No comments:

Post a Comment

Pages