බලහත්කාරයෙන් වද කිරීම අපරාධයක් නොවේ ||www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Tuesday, June 25, 2019

බලහත්කාරයෙන් වද කිරීම අපරාධයක් නොවේ ||www.gossip lanka sri news.com


ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය අනුව බලහත්කාරයෙන් වඳ කිරීම අපරාධයක් නොවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (24) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

කාන්තාවන් බලහත්කාරයෙන් වඳභාවයට පත් කළ බවට දහසකට අධික පැමිණිලි සංඛ්‍යාවක් වෛද්‍ය ශාෆිට එරෙහිව ලැබූ තිබුනද, තවමත් මේ පිළිබඳ වෛද්‍ය පරීක්ෂණ සිදුකර නොමැති බව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා….

“බරපතල තුවාලයක් කියන්නේ සදාකාලිකව පවතින තුවාලයක්. ඒ සඳහා උපරිම දඬුවම වසර 7යි. බරපතල තුවාල සිදු කිරීම ඇප ලැබිය හැකි වරදක් නේද? සාෆිට ඇප ගන්න පුළුවන් නේද කියල කාට හරි හිතෙන්නට පුළුවන්. නමුත් ඇප පනතේ ඉතාම පැහැදිලිව කියනවා මහජන කැලඹීමකට තුඩු දිය හැකි පුද්ගලයෙකුට ඇප ලබාදෙන්න එපා කියලා.
බලහත්කාරයෙන් ජාතියක් වඳ කරනවා කියන්නේ සමූල ඝාතනයක්. ඒ නිසා බලහත්කාරයෙන් වඳ කිරීමට මරණ දඬුවම ලබා දෙන නීති නොපමාව ගෙන ආ යුතුයි. පාරලිමේන්තුව එවැනි නීතියක් සම්මත කර ගන්නා තෙක් හදිසි නීතිය යටතේ ඒ සඳහා රෙගුලාසි සැකසීමට ජනාධිපති කටයුතු කළ යුතුයි. “

No comments:

Post a Comment

Pages