පැයක් පුරා සුපිරි වෙළදසැල් වලින් නොමිලේ බඩු මිලදී ගනන් යැයි පණිවිඩයක් යවලා ||www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Saturday, June 29, 2019

පැයක් පුරා සුපිරි වෙළදසැල් වලින් නොමිලේ බඩු මිලදී ගනන් යැයි පණිවිඩයක් යවලා ||www.gossip lanka sri news.com


ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

සුපිරි වෙළදසැල් වලින් පැයක් පුරාවට නොමිලයේ තම සිතැගි ආකාරයට මිලදී ගැනීමට හැකිවන බව පවසමින් එක්තරා යම් කණ්ඩායමක් සුපිරි වෙළදසැල් නාමයන් භාවිතා කරමින් ඒ සුපිරි වෙළදසැල් වල නිල වෙබ් අඩවි වලට සමාන
ව්‍යාජ වෙබ් අඩවි නිර්මාණය කොට එම වෙබ් අඩවියට තවත් ජනයා ගෙන ඒමට එම වෙබ් අඩවියෙහි ලිපිනය WhatsAPP යෙදුම හරහා බෙදාහරින ලෙස පවසා තම ජයග්‍රහණය ලබාගැනීමට අන්තර්ජාතික දුරකථන අංකයක් වෙත දුරකථන ඇමතුමක් ලබාගන්නා ලෙස සදහන් කරනු ලබන ක්‍රියාවලියක් පිලිබදව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංසදය වෙත පැමිණිලි කිහිපයක් ජනතාවගෙන් ලැබුණි.

මෙසේ යම් පුද්ගලයෙක් තම ජයග්‍රහණය ලබාගැනීමට මෙම දුකථන අංකයට ඇමතුමක් ලබාගැනීමේදී ඔහුගේ හෝ ඇයගේ ජංගම දුරකථන ශේෂය පෙරගෙවුම් සම්බන්ධතාවයක් නම් එම පෙරගෙවුම් මුදල ක්ෂණිකයෙන් අවසන්වනු ඇත,

එම පුද්ගලයා භාවිතා කරන්නේ පසුගෙවුම් සම්බන්ධතාවයක් නම් විශාල මුදල් ප්‍රමාණයක් දුරකථන බිලට මාසය අගදී එක්විය හැකි බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංසදය ලෙස මහජනතාව දැනුවත් කරන අතර ඉදිරියේදී මෙවැනි දෑ සමාජ මාධ්‍ය යෙදවුම් හරහා ප්‍රචාරණයෙන් වලකින ලෙසත් අප සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

– රජීව් යසිරු කුරුවිටගේ මැතිව් 

No comments:

Post a Comment

Pages