
සෞදිය සහ කැනඩාව යන රටවල සන්නිවේදන ඉංජිනේරුවකු වශයෙන් සේවය කරමින් සිටි තවුහිද් ජමාත් ත්‍රස්ත සංවිධානයට රුපියල් කෝටි ගණනින් මුදල් එකතු කර එවූ බවට සැකකරන ශ්‍රී ලාංකික මුස්ලිම් ඉංජිනේරුවකු වූ මොහොමඞ් සහීන් නසුර්දීන් (53) හොරොව්පතාන පොලිසිය මඟින් පෙරේදා (01) දෙහිවල පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව මෙම විදුලි සංදේශ ඉංජිනේරුවා පිළිබඳ තොරතුරු හෙළිකර ගත් පොලිසිය ඔහු නැවතී සිටි වැල්ලවත්තේ නිවසක් වටලා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ඉංජිනේරුවා මෙරට විශ්වවිද්‍යාලයකින් හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතනයකින් ඉංජිනේරු උපාධිය ලබාගත් අයකු නොවන බව පවසන පොලිසිය මොහු විදේශ රටකින් එම උපාධිය ලබාගෙන කැනඩාවේ සහ සෞදියේ සේවය කර ඇති බව පැවසේ.
සෞදියේ සිටියදී තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වී ඇති මොහු එහි සිට එම සංවිධානයට මොහුගේ මුදල් පමණක් නොව වෙනත් පිරිසගෙන්ද මුදල් ලබාගනිමින් මෙරටට එවා ජමාත් ත්‍රස්තයන්ට විශාල මූල්‍ය පරිත්‍යාගයක් කර ඇතැයි සැක කෙරේ.
පසුගිය පාස්කු ඉරිදා බෝම්බ පිපිරවීමේ සිද්ධියට පෙර මෙරටට පැමිණ ඇති මෙම ඉංජිනේරුවා එම බෝම්බ පිපිරවීමේ සැලසුම්වලටද තාක්ෂණික ක්‍රම ඔස්සේ උදව් උපකාර කරන්න ඇති බවටද සැක කෙරේ.
මෙම සැකකරු විසින් ත්‍රස්ත සංවිධානයට ලබාදී ඇති මුදල් ප්‍රමාණය කොපමණද යන්න අනාවරණය කරගනිමින් සිටින අතර මොහු විසින් රුපියල් කෝටි ගණනක මුදල් එවන්නට ඇතැයි විශ්වාස කෙරේ.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද පැවසේ. සැකකරු සම්බන්ධයෙන් හොරොව්පතාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
https://youtu.be/4bNLPAGItwc
No comments:
Post a Comment