විශේෂඥ වෛද්‍යවරයකු නිසා නවක වෛද්‍යවරියකට සිදුවෟ දේ මෙන්න || www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Thursday, June 27, 2019

විශේෂඥ වෛද්‍යවරයකු නිසා නවක වෛද්‍යවරියකට සිදුවෟ දේ මෙන්න || www.gossip lanka sri news.com



විශේෂඥ වෛද්‍යවරයකු නිරන්තරයෙන් තමාට බැණවදින බව පවසමින් සීමාවාසික වෛද්‍යවරියක් ප්‍රතිජීවක ඖෂධ පානය කර සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීමේ පුවතක් මාරවිල මූලික රෝහලෙන් වාවිතා වේ.
ඇගේ මව විසින් මාරවිල පොලිසියට

කරන ලද පැමිණිල්ලක් මගින් අනාවරණය වී ඇත්තේ පෙරේදා (24) රාත්‍රියේ ඇය මෙලෙස ප්‍රතිජීවක ඖෂධ පානය කර ඇති බවයි. මෙම වෙදවරීය ප්‍රතිජීවක ඖෂධ පෙති 35කට ආසන්න ප්‍රමාණයක් පානය කර ඇතැයි අනාවරණය වී තිබේ.

මැය විදේශ රටක වෛද්‍ය උපාධිය ලබා මෙරටට පැමිණ ශ්‍රී ලංකාවද්‍ය සභාවේ ලියාපදිංචි වී මාරවිල මූලික රෝහලට අනුයුක්තව සීමාවාසික වෛද්‍යවරියක් ලෙස පුහුණුව ලබා ඇත. මැය පිළිබඳව අදාළ විශේෂඥ
වෛද්‍යවරයා අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවද දැනුවත් කර තිබී ඇත. ඒ අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මේ පිළිබඳව 26 වැනි දින (අද) තීරණයක් ගැනීමට  නියමිතවද තිබියදී එම වෛද්‍යවරිය මෙලෙස ප්‍රතිජීවක ඖෂධ පානය කර ඇතැයි වාර්තා වේ.

කාලයක සිට අදාළ විශේෂඥ වෛද්‍යවරයා හා සීමාවාසික වෛද්‍යවරිය අතර ගැටුමක් තිබී ඇති බව මාරවිල රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින්ද අනාවරණය වී ඇත. මෙම සිදුවීමෙන් අනතුරුව මාරවිල පොලිසිය විසින් අදාළ විශේෂඥ වෛද්‍යවරයාගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගනු ලැබ තිබේ.

-ප්‍රසාද් පූර්මාණමාල් ජයමාන්න- 

No comments:

Post a Comment

Pages