යාපනයේ මුස්ලිම් ජනයා පදිංචි කිරීමට එරෙහිව දැඩි විරෝධතා ||www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Wednesday, June 26, 2019

යාපනයේ මුස්ලිම් ජනයා පදිංචි කිරීමට එරෙහිව දැඩි විරෝධතා ||www.gossip lanka sri news.com


යාපනයේ නාවන්තුරේ ප්‍රදේශයේ පිහිටි මාතා කෝවිල ඇතුළු විශාල ඉඩම් ප්‍රදේශයක මුස්ලිම් වැසියන් පදිංචි කරවීමට පියවර ඇතිය කියමින් එයට විරෝධය පා දෙමළ වැසියන් පිරිසක් විරෝධතාවයක නිරත වූහ.
විරෝධතාවය පැවති ස්ථානයට ප්‍රාදේශීය ලේකම් එස්. සුදර්ශන් මහතා සහ නාවන්තුරේ ග්‍රාම නිලධාරීවරයා පැමිණ විරෝධතාකරුවන් සමග සාකච්ඡා කොට තත්වය පාලනය කිරීමට උත්සහ ගත් අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි මෞලවිවරයෙකු එම මුළු භූමියම අයත් වන්නේ මුස්ලිම් වැසියන්ට බවත් එම ඉඩම් සියල්ලම රජය විසින් බලපත්‍ර මගින් ඔවුන් වෙත ලබා දී ඇති බව ප්‍රකාශ කිරීමටත් සමගම යලිත් විරෝධතා කරුවන් අතර නොසන්සුන්තවයක් ඇතිව තිබේ.

එහිදී ගම්වාසීන් විසින් එම ඉඩම් මුස්ලිම් වැසියන්ට ලබා දීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයාට හා ග්‍රාම නිලධාරීවරයාට විරෝධතාවය පෑ අතර එහිදී අදාල ඉඩම් සදහා මුස්ලිම් වැසියන්ට ලබා දී ඇතැයි කියන බලපත්‍රද රැගෙන ලබන 26 වෙනිදා යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස මුස්ලිම් වැසියන්ට දැණුම් දී ඇති අතර එදිනට නාවන්තුරේ ග්‍රාම සංවර්ධන සමීතිය ඇතුළු ප්‍රධාන සමීති කීපයක නිලධාරීන්ටද පැමිණෙන ලෙස දැණුම් දීමෙන් තත්වය පාලනය වී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Pages