
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව ඉන්දීය ධීවර යාත්‍රා 4,000ක් පමණ පසුගිය දිනවල උතුරු මුහුදේ නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලූ බවට ධීවරයන් පිරිසක් රජයට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.
මෙසේ පැමිණෙන ධීවරයන් තහනම් ආම්පන්න යොදාගනිමින් මසුන් ඇල්ලීම නිසා උතුරු මුහුදේ මත්ස්‍ය බිත්තර පවා විනාශ වීමේ තර්ජනයක් මතුව ඇති බවද සිය පැමිණිල්ලෙන් ධීවරයන් රජයට දන්වා තිබේ.
මීට පෙර ඉන්දීය බෝට්ටු තිහ හතළිහක් උතුරු මුහුදේ මසුන් අල්ලද්දී නාවික හමුදාව විසින් නීතිය ක්‍රියාත්මක කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ ද වර්තමානයේ බෝට්ටු විශාල ප්‍රමාණයක් මෙසේ අනවසරයෙන් මසුන් ඇල්ලීම සිදු කළ ද ඒ සඳහා නීතිය ක්‍රියාත්මක නොවන බව ද උතුරු ධීවරයෝ කියා සිටිති.
මේ අතර අදාල බෝට්ටු අත්අඩංගුවට නො ගන්නා ලෙස අදාළ අංශ වෙත නියෝග ලැබී ඇති බවට තමාට තොරතුරු ඇතැයි ද මේ ධීවරයෝ කියති.
මෙරට ධීවරයන්ගේ දැල් ද විනාශ කරන ඔවුන්ගෙන් ලාංකික ධීවරයන් ගේ ජීවිත වලට තර්ජනයක් ඇති බවට රජය දැනුවත් කර ඇති බවද මේ අතර වාර්තා වේ.
No comments:
Post a Comment