මුජිබර් රහුමාන්ගේ විශේෂ හෙලිදරවුව|www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Saturday, June 22, 2019

මුජිබර් රහුමාන්ගේ විශේෂ හෙලිදරවුව|www.gossip lanka sri news.com


ප්‍රේල් 21 වන දා එල්ල වු බෝම්බ ප්‍රහාරයන් සමඟ ආණ්ඩුවේ ගමන් මඟ ආපස්සට හැරවීමට ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පිරිස් බලාපොරොත්තුවෙන් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

බෝම්බ පුපුරන කල් බලා සිටින පිරිසක් රටේ සිටින බවත්, ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන්ට බෝම්බ පිපිරීම අවුරුද්ද සමරනවා වැනි හැඟීමක් ඇති කර තිබෙන බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

අහිංසක ජනතාවගේ මළ මිනී මතින් හෝ දේශපාලනය කිරීමට ඔවුන් උත්සහ ගන්නා බවට චෝදනා කල මන්ත්‍රීවරයා, ජාතිවාදය අවුස්සා ඒකෙන් නැවත බලයට ඒමට පුළුවන් ඇතැයි ඔවුන් විශ්වාස කරන බව ද පැවසීය.

“ජාතිවාදය“ යන සටන් පාඨය හැර වෙන කිසිවක් ඒකාබද්ධ විපක්ෂයට නොමැති බව ද පැවසු මන්ත්‍රීවරයා, ඔවුන් ගෝත්‍රිකවාදීන් ලෙස කටයුතු කරන බවට ද චෝදනා කළේය.

යහපාලන ආණ්ඩුව වසර 4 හමාරක් කටයුතු කළ බවත්, රටේ විශාල දේශපාලන ප්‍රතිසංස්කරණයක් සිදු කල බවත් පැවසු මන්ත්‍රීවරයා, අද වන විට ඒකාධිපති බලතල සහිත ජනාධිපතිධූරයේ ඇති උපරිම බලතල 19 වන සංශෝධනය තුළින් අඩු කිරීමට හැකි වු බව ද පැවසීය.

අල්ලස් හා දුෂණ කොමිසන් සභා පිහිටු වීම තුළින් හා ඒවාට බලතල ලබා දීම තුළින් දේශපාලන ප්‍රතිසංස්කරණ කළ බවත්, තොරතුරු දැන ගැනීමේ අයිතිය හා මාධ්‍ය නිදහස ද අද වන විට ආණ්ඩුවෙන් ලබා දුන් ප්‍රතිලාභ වන බවත් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා වැඩිදුටරත් පැවසීය. 

No comments:

Post a Comment

Pages