ජනමත විචාරණයට පොහොට්ටුව විරුද්ධයි | www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Tuesday, June 18, 2019

ජනමත විචාරණයට පොහොට්ටුව විරුද්ධයි | www.gossip lanka sri news.com


ජනාධිපතිවරයා විසින් ජනමත විචාරණයක් කැදවීම සදහා ගන්නා උත්සාහයට එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද අකමැත්ත පල කර ඇති බව වාර්තා වෙයි.

එම පක්ෂ දෙකම කැමැත්ත පල කර ඇත්තේ නියමිත පරිදි ජනාධිපතිවරණය පැවැත්වීමටයි.
වසර හතර හමාරකට පෙරාතුව පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවන ආකාරය සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණ විනිසුරුවන් 07 දෙනෙකු විසින් ඒකමතිකව ලබා දී ඇති තීන්දුවෙන් ජනමත විචාරණයකින් මහ මැතිවරණයක් පැවැත්විය හැකි බවත් දක්වා නැතැයිද පොදුජන පෙරමුණේ අදහස වී ඇත.

මෙමගින් ජනාධිපතිවරණය කල් දැමීමේ සැලසුමක සුවද දැනෙන බවත් ජනමතය දැන ගැනීමට අවශ්‍ය නම් දීර්ග කාලයක් තිස්සේ කල් දමමින් පවතින පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතු බවද පොදුජන පෙරමුණේ ස්ථාවරය වී ඇත.

කෙසේ වෙතත් පවත්වන ඔ්නැම මැතිවරණයකින් ජය ගැනීමට තමනට හැකියාව ඇති බව පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙක් සදහන් කලේය.

No comments:

Post a Comment

Pages