ආවා කල්ලියට උතුරු ආණුකාරවරයාගෙන් විවෘත ආරාධනයක් |www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Friday, June 14, 2019

ආවා කල්ලියට උතුරු ආණුකාරවරයාගෙන් විවෘත ආරාධනයක් |www.gossip lanka sri news.com


වා කල්ලියට කිසියම් ගැටලුවක් ඇත්නම් හෝ විසඳුමක් අවශ්‍ය වන්නේ නම් ඕනෑම අවස්ථාව ආරක්ෂකයින් නොමැතිව ඕනෑම ස්ථානයකට පැමිණ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව පවසමින් උතුරු ආණ්ඩුකාර ආචාර්ය සුරෙස් රාඝවන් මහතා අද ආවා කල්ලියට (14) විවෘත්ත ආරාධානවක් කොට සිටියේය.

පසුගිය 12 වනදා යාපනය කොකුවිල් උපදුම්රිය ස්ථානාධිපති වරයාට පහරදීම සමබන්ධයෙන් ආරක්ෂක අංශ විසින් අදාල පහරදීම ආවා කල්ලියේ ක්‍රියාවක් බවට සැක පල කිරීම හේතුවෙන් උතුරු පලාත් ආණ්ඩුකාර වරයා විසින් ආවා කල්ලියට සාකච්ඡාවක් වෙනුවෙන් මෙම විවෘත්ත ආරාධනාව සිදු කොට ඇත.


උතුරු පලාතේ සිදු කෙරෙන අවි ආයුද ගෙන ප්‍රචණ්ඩ ක්‍රියාවන් හා සමාජ විරෝධි ක්‍රියාවන් හේතුවෙන් ජනතාව අතර බියක් ඇතිව තිබෙන අවස්ථාවක ආවා කල්ලියට කිසියම් ගැටලුවක් හෝ විසඳුමක් අවශ්‍ය වන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදීව සාකච්ඡා කිරීමට තමන් ඕනෑම අවස්ථාවක සූදානම් බවට අද උදෑසන උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යලයේදී ආණ්ඩුකාර ආචාර්ය සුරේස් රාඝවන් මහතා විසින් මාධ්‍ය නිවේදනයක් මගින් දැනුම් දී ඇත.

උතුරේ ජනතාව අතර ව්‍යාකූල තත්වයක් හෝ බියක් ඇතිවන්නේ නම් තමන් ඒ වෙනුවෙන් පෙනී සිටින බවටත් එවැනි තත්වයක් ඇති කිරීමට හේතුව මෙන්ම ආවා කල්ලියේ අරමුණ ජනතාවට දැනගත යුතු බවටත් ආවා කල්ලියට මෙය හොඳ අවස්ථාවක් බවටද ඒ සඳහා කිසිදු සැකයකින් තොරව තමන් හමුවීමට හෝ එම කල්ලිය හමුවීමට තමන් සූදානමින් සිටින බවටද උතුරු ආණ්ඩුකාර වරයා වැඩි දුරටත් දැනුම් දී ඇත.

මුලතිව් ශෂිකුමාර් 

No comments:

Post a Comment

Pages