කැබිනට් රැස්වීම් නැහැග සියල්ල අලවංගුයි.ජනපති පවසයි. |www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Tuesday, June 11, 2019

කැබිනට් රැස්වීම් නැහැග සියල්ල අලවංගුයි.ජනපති පවසයි. |www.gossip lanka sri news.com


පාස්කූ ඉරිදා දිනයේ මෙරටට එල්ල කළද බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අත්හිටුවන තුරු කැබිනට් රැස්වීම නොපැවතීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත.
ඒ අනුව අද අඟහරුවාදා දිනයේදී පැවැත්වෙන කැබිනට් මණ්ඩලය නොපැවැත්වෙන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියේය.

අද කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ නැති බව පසුගිය සිකුරාදා කැබිනට් ඇමතිවරුන්ටද දන්වා ඇති අතර ඒ බව ගිය සිකුරාදා පැවති කැබිනට් රැස්වීම් වාර්තාවේද සඳහන් කර තිබේ.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා පැවැති කැබිනට් රැස්වීමේ දී ජනාධිපතිවරයා දැඩි විරෝධය පළ කර ඇති අතර තේරීම් කාරක සභාවේ කටයුතු කරන්නෙ මේ ආකාරයට නම් තමන් කැබිනට් රැස්වීම් නතර කරන බවද දන්වා ඇත.

මේ අනුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නතර කිරීමට තීරණය ගන්නා කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ නැති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

No comments:

Post a Comment

Pages