ඒජාපය නිසයි මේ රට නැත්තටම නැති වුනේ. අස්ගිරි නා හිමිගේ ප්‍රභල ප්‍රකාශය |WWW. Gossip Lanka Sri News.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Monday, June 17, 2019

ඒජාපය නිසයි මේ රට නැත්තටම නැති වුනේ. අස්ගිරි නා හිමිගේ ප්‍රභල ප්‍රකාශය |WWW. Gossip Lanka Sri News.com


ක්සත් ජාතික පක්ෂ පාලකයන් රටට හා ජනතාවට ආදරේ නැති බවත් එය ප්‍රසිද්ධියේ බයක් නැතිව නිර්භයව ප්‍රකාශ කරන බවත් තමන්ට නැතිවෙන්නට හා ඇතිවෙන්නට  දෙයක් නැති මුත්  රට ජාතිය වෙනුවෙන්  කෙළින් කථා කිරිම අවශ්‍ය බවත් අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහනාහිමියෝ පවසති.

අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමියන් මෙසේ පැවැසුයේ පෙරේදා (15දා) ඓතිහාසික දොඩම්වල දියකෙළිනාවල කිත්සිරිමෙවන් රජමහා විහාරස්ථානයේ 21 රියන් බුද්ධ ප්‍රථිමා වහන්සේගේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපනය හා නිරිරණය කිරිමේ උත්සව අවස්ථාවේදිය.


“රට රැක ගැනිම ගාමිණි දිසානායක මැතිතුමාගේ කාලෙන් පස්සෙ අවසානයි. ඉන් මෙහා ඇති වෙච්ච එක්සත් ජාතික පක්ෂ පාලකයෝ මේ රටට ආදරේ නෑ. මේ රටේ ජනතාවට ආදරේ නෑ කියල අපි ප්‍රසිද්ධියේ කියනව කිසි බයක් නෑ.

අපි නිර්භයව කියනව අපිට නැතිවෙන්න දෙයකුත් නෑ ඇතිවෙන්න දෙයකුත් නෑ නමුත් අපි කෙළින් කතා කරන්නට ඕන මේ රට ආරක්ෂා වෙන්නට ඕන. සිංහල ජාතිය ආරක්ෂා වෙන්නට ඕන බෞද්ධයන් ආරක්ෂා වෙන්නට ඒකයි අපේ පරමාර්ථය.

භික්ෂුන් වහන්සේලා කැපවෙන්නෙ අපේ සිංහල ජනතාව රැකගන්න බුද්ධාගම රැකගන්න තමයි අපි කොතනත් කතා කරන්නෙ අපි නිහඬව හිටියා නෙමෙයි අපි ආපු හැම නායකයෙකුටම කිව්ව අපි ප්‍රසිද්ධ වෙන්න කතා කළේ නෑ. ඒ අයට කරුණාවෙන් සිහිකරලා මේ අවස්ථාවේ කළ යුත්තෙ මේ දේ කියල.

ඊයේ පෙරේද ආපු දේශපලඥයෙකුටත්  මම සඳහන් කළා එයා එක්සත් ජාතික පක්ෂයෙ කෙනෙක් එයාට මම කිවුව එක්සත් ජාතික පක්ෂය ඉවර වෙලා තියෙන්නෙ කියල ආයෙ මේකට පණ දෙන්න පුලුවන් කමක් නෑ එකසත් ජාතික පක්ෂය නිසා තමයි මේ රට නැති වුණේ කියල මම කෙලින්ම කිවුව.” 


No comments:

Post a Comment

Pages