NJT ත්‍රස්. සන්විධානයේ කදවුරක් සිප්පිකුලමෙන් සොයා ගැනේ.www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Wednesday, June 5, 2019

NJT ත්‍රස්. සන්විධානයේ කදවුරක් සිප්පිකුලමෙන් සොයා ගැනේ.www.gossip lanka sri news.com

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ හම්බන්තොට පුහුණු මධ්‍යස්ථානය සොයා ගෙනඇති බව පොලිසිය පවසයි. එය පිහිටා තිබී ඇත්තේ හම්බන්තොට සිප්පිකුලම ප්‍රදේශයේය. අම්පාරෙන් සහ කාතන්කුඩියෙන් අත්අඩංගුවට ගත් සහරාන්ගේ අන්තවාදී කල්ලියට සම්බන්ධ වූ පුද්ගලයින්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලින් මෙම පුහුණු මධ්‍යස්ථානය ගැන අනාවරණය වී තිබේ.


එම තොරතුරු ඔස්සේ පුහුණු මධ්‍යස්ථානය සොයාගත් බව පොලිසිය සඳහන් කෙළේය.

ඒත් සමග සහරාන්ගේ අන්තවාදීන් පුහුණු කළ සියලුම පුහුණු මධ්‍යස්ථාන සහ කඳවුරු සොයාගෙනඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

හම්බන්තොට සිප්පිකුලමේ පුහුණු මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය නිවෙසේ හිමිකරු කුවේටයේ රැකියාවක නිරතව සිටින්නෙකි. භාරකරු එම නිවෙස එහි හිමිකරුට නොදන්වා හම්බන්තොටට පැමිණෙන මුස්ලිම් සංචාරකයන්ට නවාතැන් ගැනීමට ලබාදෙන බව මූලික පරීක්ෂණවලින් හෙළිවී තිබේ.

සහරාන් එම නිවෙස 2018 වසරේ සිට අවස්ථා හතරකදී සිය අන්තවාදීන් පුහුණු කිරීමට යොදාගෙන ඇතැයි මේ වනවිට අනාවරණය වී තිබේ. එම නිවස සඳහා කුලිය ලෙස වරකට රුපියල් 15000 ක් ගෙවා ඇති බවත් පුහුණුව සීමා වී ඇත්තේ පැය 24 කට බවත් මූලික පරීක්ෂණවලින් හෙළිවී තිබේ.

එක්වරකට මෙම පුහුණු මධ්‍යස්ථානයේදී පුහුණුව ලබා ඇත්තේ 15 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් බවත් ඒ සෑම අයකුම පාහේ මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය සදහන් කරයි.

‍මෙහි පුහුණුව ලැබූ වැඩි පිරිසක් අම්පාර සහ මඩකලපුවේ පදිංචි කරුවන්වේ.

No comments:

Post a Comment

Pages