ස්විට්සර්ලන්තයේ සිටින සැමියා බිරිද මැරීමට ලක්ෂ 30ක් දීලා |gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Wednesday, June 19, 2019

ස්විට්සර්ලන්තයේ සිටින සැමියා බිරිද මැරීමට ලක්ෂ 30ක් දීලා |gossip lanka sri news.com



ස්විට්සර්ලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයකු විසින් රුපියල් ලක්ෂ 30ක කප්පමක් දී හබරාදුව ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවක් ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුවක් දීම සම්බන්ධයෙන් කොන්ත්‍රාත්තුව ලබාගත් 

කාන්තාවක් සහ ඝාතනය පැවැරූ 35 හැවිරිදි කොන්ත්‍රාත් ක්‍රියාකාරිකයකු දකුණු පළාත් භාර ගාල්ල නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාගේ මෙහෙයවීම මත ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක දිනේෂ් නිශාන්ත ද සිල්වා මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් පෙරේදා (17දා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකාර ඝාතනය


භාරගත් කොන්ත්‍රාත්කාර කාන්තාව අම්බලන්ගොඩ කුලීගොඩ පදිංචිකාරියක වන අතර ඝාතනයට යොදවා ගත් සැකකරු හික්කඩුව ගෝනපීනුවල ප්‍රදේශයේ පදිංචිකරුවකු වෙයි.

ඝාතන කොන්ත්‍රාත්කාර කාන්තාව මෙයට කලින් ඝාතනයට ලක් වූ රත්ගම ප්‍රාදේශිය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස්ගේ ඥාතියකු බවට විමර්ශනවලදී හෙළි වී තිබේ. ඇය බැලුන්ගල කොල්ල සිද්ධියේ සැකකාරියක බවටද සැක සහිත කරුණු අනාවරණය වෙමින් පවතින බවද වැඩිදුර විමර්ශනවලදී හෙළි වී තිබේ. ඝාතන කොන්ත්‍රාත්තුව ලබාගත් කාන්තාව, අනතුරුව ඝාතනය සඳහා කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කිරීමට යෙදවූ ඝාතකයා විසින් ඝාතනය සඳහා ඉලක්ක කර තිබූ හබරාදුව ප්‍රදේශයේ සිටින ව්‍යාපාරික ආයතන හිමි කාන්තාවට ඝාතන කොන්ත්‍රාත්තුව පිළිබඳ කරුණු හෙළිකර ඇත.

අනතුරුව ව්‍යාපාරික කාන්තාව විසින් දකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ පරික්ෂණ ආරම්භ කර තිබේ. පොලිසිය උපාය දූතයන් යොදවා මාගාල්ල ප්‍රදේශයේදී මෙම සැකකාරිය හා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ව්‍යාපාරික  කාන්තාවගේ සැමියා ඇයගෙන් වෙන්වී ස්විටිසර්ලන්තයේ පදිංචිව සිටින අතර ඇය මෙකි හෝටලයෙන් පන්නා දැමීමට ඔහුට අවශ්‍ය වි ඇත.

ඒ අනුව මෙකී පුද්ගලයා ස්විට්සර්ලන්තයේ සිට තමන්ගෙන් වෙන්වී සිටින බිරිය මැරීම සඳහා රුපියල් ලක්ෂය 30ක කොන්ත්‍රාත්තුවක් සැකකාර කාන්තාවට ලබාදෙන බවට පොරොන්දු වී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති දිනේෂ් ද සිල්වා ඇතුළු නිලධාරීන් පිරිසක් සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් අම්බලන්ගොඩ කුලිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

සැකකාරිය හා සැකකරු විසින් අදාළ කාන්තාව මාගාල්ල ප්‍රදේශයට රැගෙන විත් ඇයගේ ඡායාරූප ගෙන වයිබර් මඟින් ස්විටිසර්ලන්තයේ සිටින පුද්ගලයාට යවා ඇති අතර ඒ සමඟ සැකකාර කාන්තාවගේ ගිණුමට ලක්ෂ 20ක මුදලක් බැර කොට ඇති බවද පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එම්.පී.පී. අරුණලාල් මහතාගේ උපදෙස් පරිදි ගාල්ල පොලිස් අපරාධ විමර්ශන අංශාධිපති දිග්නේෂ් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරික්ෂණ පවත්වති.


-රසික කුමාර-

No comments:

Post a Comment

Pages