දිනගනනකට පසු වෛද්‍ය සාාපිගේ නිවස පරීක්ෂණයේදි සිදුවූ දේ |www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Thursday, May 30, 2019

දිනගනනකට පසු වෛද්‍ය සාාපිගේ නිවස පරීක්ෂණයේදි සිදුවූ දේ |www.gossip lanka sri news.com


සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් වන්ද්‍යකරණය කළ බවට චෝදනාවට ලක්ව සිටින ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆිගේ මුල් නිවස ආරක්ෂක අංශ විසින් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
මෙම නිවස පිහිටා ඇත්තේ අනුරාධපුර කලාවැව ප‍්‍රදේශයේයි. කෙසේ වෙතත් සැක සහිත කිසිවක් සෝදිසියේදී හමු වී නොමැති බව නෙත් නිවුස් වාර්තාකරු පවසනවා. වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆිගේ පියාගෙන් සහ පවුලේ තවත් සමීප ඥාතීන් කිහිපදෙනෙකුගෙන් පොලිසිය ප‍්‍රකාශ ලබාගෙන ඇති බවද සඳහන්.

මේ අතර මෙම සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් මේ වනවිටත් කුරුණෑගල ශික්ෂණ රෝහලට, දඹුල්ල මූලික රෝහලට සහ පොලිසියට පැමිණිලි ලැබෙමින් පවතිනවා. ඊයේ දිනය වනවිට එලෙස ලැබී ඇති මුළු පැමිණිලි ගණන 200කට වැඩියි.


මව්වරුන් කිහිපදෙනෙකු පේරාදෙණිය ශික්ෂණ රෝහලටද දුරකතනයෙන් අමතා ඇති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. ඒ අනුව කළ විමසීමක දී එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ පැමිණිලි ලැබුණහොත් භාරගන්නා බවයි.

සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි හෝ ඒ ආසන්න නමකින් වෛද්‍යවරුන් දෙදෙනකු පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සේවය කර ඇතැයි ද දැන ගන්නට ලැබුණා.

No comments:

Post a Comment

Pages