
මුහුණු ආවරණ තහනම් කරමින් රජය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණද එක්වරම බුර්කාව,නිකාබය වැනි පලඳනාවලින් ඉවත්වීමට නොහැකියැයි මුස්ලිම් කාන්තාවන් පවසන බව මුස්ලිම් ආගමික කටයුතු
දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ එම්.ආර්.එම්.මලික් මහතා සඳහන් කර තිබේ.
“ඇතැම් මුස්ලිම් කාන්තාවන් මා සමග ප්‍රකාශ කළා වසර ගණනාවක් මුහුණ වසාගෙන ගිහින් එක් වරම මුහුණ නිරාවරණය කරගෙන යාම හරියට නිරුවතින් පාරේ යනවා වගේ කියලා.
ඒනිසා බුර්කාව හා නිකාබය නොමැතිව කටයුතු කිරීමට හුරුවෙන්න එම කාන්තාවන්ට ටික කලක් ගතවේවි.එය වරදක් ලෙස නොසැලකිය යුතුයි" යනුවෙන් හෙතෙම ප්‍රකාශ කළේය.කෙසේ වෙතත් මුහුණු ආවරණ තහනම් කරමින් රජය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයට අනුව කටයුතු කරන ලෙස සියලුම මුස්ලිම් කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින බවත්,රජය පනවන ඕනෑම නීතියකට අවනතවීමට මුස්ලිම් සමාජය සූදානම් බවත් එම්.ආර්.එම්.මලික් මහතා පවසා සිටියේය.
No comments:
Post a Comment