ජපුර උපකුලපතිට බොරු බෝම්බ ඇමතුමක් දුන් වෛද්‍ය සිසුවා අත්අඩංගුවට/gossip lanka - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Thursday, May 16, 2019

ජපුර උපකුලපතිට බොරු බෝම්බ ඇමතුමක් දුන් වෛද්‍ය සිසුවා අත්අඩංගුවට/gossip lanka

https://www.gossiplankanews.com/2019/05/jpura-medical-student-nabbed.html
යවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හා ඒ අවට කලාපයේ ඊයේ (15) දින බෝම්බ පිපුරුම් මාලාවක් සිදුවනු ඇති බවත් ඒ සඳහා වහාම සූදානමින් සිටින්න යනුවෙනුත් කිසියම් නාඳුනන අංකයකින් ලැබුණ දුරකථන 

ඇමතුමකට ක්‍රියාත්මක වූ උපකුලපතිවරයා වහා ආරක්ෂක අංශ කැදවා අවශ්‍ය පියවර ගත් අතර සෝදිසි වලදී කිසිදු සැකකටයුතු දෙයක් හමුව නැත.

ඒ අනුව මෙම ඇමතුම ව්‍යාජ ලෙස ලබාදෙන ලද්දක් බව ඒත්තු ගොස් තිබේ.


මේ දිනවල ජයවර්ධනපුර සරසවියේ උපකුලපතිවරයා ජපානයේ විදේශ සංචාරයක නිරතවෙමින් සිටී. ඔහුට මේ ඇමතුම ලැබී ඇත්තේ එරට සිටියදී වන අතර ඔහු ආරක්ෂක නිලධාරීන්ට අවශය විධාන එහි සිටියදී ලබාදී මෙම සෝදිසිය සිදු කර තිබුනි.

කෙසේ වෙතත් ඇමතුම ව්‍යාජ එකක් බව තහවුරුවීමෙන් පසු උපකුලපතිවරයාට ඇමතුම දුන්නේ කවුදැයි සොයා බලන්නට අදාල දුරකථන අංකය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා මිරිහාන පොලිසියට පැමිණිල්ලක් කර අධිකරණ අවසරයෙන් ග්‍රාහක සමාගම් උදව්වෙන් සිදු කර තිබුණි.

සැකකාර ඇමතුම දුන්නේ සරසවියේම සිසුවකු බවත් ඔහු වෛද්‍ය පීඨයේ අවසන් වසරේ අයෙකු බවත් හඳුනාගන්නට ලැබී තිබේ.

සරසවිය ආසන්න ස්තානයකම රැඳි සිටි ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය දන්වා තිබේ. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී දැනගන්නට ලැබී ඇත්තේ ඉදිරි සතියේ පවත්වන විභාගයකට තමා සූදානම් නැති බැවින් එය කල්දමාගැනීමට මෙම බොරුව ගෙතූ බවයි.

සිසුවා අධිකරණයට යොමු කිරීමට නියමිතය. ව්‍යාජ ඇමතුම් ලබා දෙන්නන්ට එරෙහිව නීතිය උපරිම ලෙස ක්‍රියාත්මක කරන බව පොලිසිය දන්වා ඇත.


No comments:

Post a Comment

Pages