
රොයිටර් පුවත් සේවයේ ශ්‍රී ලංකා වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන මොහොමඩ් සිද්ධික් දනුෂ් නමැති මුස්ලිම් ජාතික මාධ්‍යවේදියා තමන්ගේ ලිපියකට කරුනු රැස්කිරීමට අවශ්‍ය බව දන්වමින් මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයට ඇතුල්වීමට දැරූ උත්සාහයේදී
පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
පාසලේ පැරණි වාර්තා තුලින් තමන්ට එම තොරතුරු ලබාදෙන ලෙස ඔහු තර්ක කරමින් ඉල්ලා සිටි අවස්තාවේ ඔහු ගැන සැක ඇතිවී විදුහල්පති පියතුමන් මොහු ගැන පොලිසියට දන්වා ඇත.
ඒ අනුව අත්අඩංගුවට පත්වූ රොයිටර් පුවත් සේවයේ ශ්‍රී ලංකා වාර්තාකරු මොහොමඩ් සිද්ධික් දනුෂ් ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ අතර අයුතු ලෙස ඇතුලුවීම හා බලහත්කාරය යන චෝදනා මත ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට මහේස්ත්‍රාත්වරයා කටයුතු කර ඇත.
No comments:
Post a Comment