
වත්මන් ආණ්ඩුව විසින් ගතවූ වසර හතරක කාලය තුළ ඇමෙරිකා එක්සත් ජනපදය සමග ගිවිසුම් දෙකක් අත්සන් කර ඇති බවත් තවත් එක් ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතව ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
මෙම එක් ගිවිසුමක් අනුව ඇමරිකාවේ මැරයින් බලකා ගණනාවකටම හදිසි තත්ත්වයකදී ශ්‍රී ලංකාවට ආරාධනාවකින් තොරව ඇතුළුවීමට අවසර ලබා දී ඇතැයි මන්ත්‍රීවරයා කියා සිටියේය.
ඒ අනුව අමෙරිකානු හමුදාවලට මැදිහත් වීමට අවශ්‍ය වන ‘හදිසි තත්වය’ කෘතිමව නිර්මාණය කිරීමේ උත්සාහයක් මේ දිනවල විවිධ අන්තවාදී කල්ලි ඔස්සේ ක්‍රියාත්මක වෙමින් ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ දී පැවැති සම්මන්ත්‍රණයක් අමතමිනි.
No comments:
Post a Comment