අත්අඩංගුවට ගත් ත්‍රස්ත සැකකරැවෙක් වෙනුවෙන් බදියුදින්ගේ පොලිස්පතිට ඇමතුම්/gossip lanka - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Friday, May 17, 2019

අත්අඩංගුවට ගත් ත්‍රස්ත සැකකරැවෙක් වෙනුවෙන් බදියුදින්ගේ පොලිස්පතිට ඇමතුම්/gossip lanka

https://www.gossiplankanews.com/2019/05/mahesh-badurdeen.html
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව දෙහිවලදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා තමන්ට අවස්ථා තුනකදී කතා කළ බව යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසා සිටියි.


හමුදාපතිවරයා මේ බව අනාවරණ කළේ, පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විශ්වාසභංගයේ ඇතුළත් කරුණක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරුදෙමිනි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් නිදහස් කරන ලෙසට බලපෑම් සිදු වු බවට මැයි මස 5 දින

පුවත්පතකට සිදුකල ප්‍රකාශය පිළිබඳව එහිදී හමුදාපතිවරයා ප්‍රකාශ කරනු ලැබුවේ එය බලපෑමකට වඩා ඉල්ලීමක් ලෙස තමන් සඳහන් කිරීමට කැමති බවයි.

එහිදී එක්තරා පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව රිෂාඩ් ඇමතිවරයා තමන්ට දුරකථන ඇමතුමක් ලබා දුන් බවත් එහිදී තමන් විසින් ඊට පිළිතුරු 2ක් ලබාදුන් බවත් යුධ හමුදාපතිවරයා කියා සිටියේය.

පළමු අවස්ථාවේ දී තමන් අදාළ සැකකරු පිළිබඳව සොයා බලා ඉදිරියේදී දැනුම් දෙන බවත්, දෙවනි වරත් ඒ පිළිතුරම ලබා දුන් බව පැවසු හමුදාපතිවරයා තුන්වෙනි වර ඇමතිවරයාට ප්‍රකාශ කර ඇත්තේ අත්අඩංගුවට පත් වුවන් අතර එවන් පුද්ගලයෙකු සිටින බවත් නැවත අවුරුදු එක හමාරකට පසුව මෙම දුරකථන ඇමතුම ලබා ගන්නා ලෙසත්ය.

අදාළ සැකකරු පිළිබඳ මාධ්‍යවේදීන් විමසු අවස්ථවේ ඔහු කියා සිටියේ නිශ්චිතවම එය කිව නොහැකි බවත් දෙහිවලින් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් ලෙස කිව හැකි බවත්ය.

No comments:

Post a Comment

Pages