අභිෂේකා විමලවීර කියන්නේ සංගීත ක්ෂේත්‍රයේ කාලයක් පුරාවට නිරත වෙලා මේ වනවිට ක්ෂේත්‍රයෙන් ඈත් වෙලා ඉන්න කෙනෙක්. සනුක වික්‍රමසිංහ කියන්නේ තරුණ හදවත් දිනාගත් ගායකයෙක්නේ.
සනුක සහභාගී වුණු මා නොවන මම වැඩසටහනක සුනිල් විමලවීර මහත්මාගේ ගීතයක් ගායනා කරන වීඩියෝවක් සනුකගේ යූ-ටියුබ් චැනලයේ ප්‍රචාරය කර තිබෙනවා.
මෙම වීඩියෝවෙන් ලැබුණු ආදායම සනුක අභිෂේකාට ලබාදීමට කටයුතු කරලා තියෙනවා. සනුකගේ මේ ක්‍රියාව අභිෂේකා තමන්ගේ ෆේස්බුක් ගිණුමේ මේ විදිහට සටහනකින් යොදා තිබුණා.
“තමන්ගෙම සින්දුවලට අනුන්ට ගෙවන්න වෙන යුගයක,
අයිතිවාසිකම් ඉල්ලා බැගෑපත් වන්නට සිදුවන යුගයක,
ගීත නොමිලයේ ගායනා කරවා ගෙන මුදල් හම්බකරන ආයතන හා මිනිසුන් ඇති යුගයක,
මෙවැනි මිනිසුන් දැකීමම සතුටකි.
හිත් පිරිසිදු මිනිසුන්ට හරි යන බවට තවත් එක් උදාහරණයක් පමණි..”

No comments:
Post a Comment