ජනාධිපතිවරණය කවදාද??/gossip lanka - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Friday, May 3, 2019

ජනාධිපතිවරණය කවදාද??/gossip lanka

පවතින අනාරක්ෂිත වාතාවරණය සමථයකට පත් කරගෙන ජනාධිපතිවරණය පවත්වන්නට සැලසුම් නොකළහොත් පවතින රජයට එරෙහිව බරපතල සමාජ විරෝධයක් එල්ල විය හැකි යැයි පැෆරල් සංවිධානය පෙන්වා දෙයි.

පවතින දේශපාලනය ගැන මේ වනවිටත් ජනතාව තුළ අපැහැදීමක් පවතින බවත් එවැනි තත්තවයක් යටතේ මැතිවරණ විශේෂයෙන් ජනාධිපතිවරණය කලට වේලාවට තැබීමට පාලකයින් කටයුතු කළයුතු යැයි හෙතෙම කියා සිටි යුතු බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වා දුන්නේය.

මේ වසරේ දෙසැම්බර් 9 වැනිදාට පෙර නව ජනාධිපතිවරයා පත්කර තිබිය යුතු වන අතර වත්මන් ජනාධිපතිවරයාට 2020 ජනවාරි 9 දා තෙක් සිය තනතුරේ කටයුතු කළ හැකි බවද නව ජනාධිපතිවරයාට පසුදින එනම් 2020 ජනවාරි 10 වැනිදා නව තනතුරේ රාජකාරි බාරදිය යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
පළාත් සභා මැතිවරණය ද පැවැත්වීමට සුදුසු කාලය උදාවී ඇතැයි කී හෙට්ටිආරච්චි මහතා එසේ වුවද ජනතාව බලාපොරොත්තුවෙන් සිටින්නේ ජනාධිපතිවරණය පවත්වන තෙක් යැයි ද සඳහන් කළේය.

No comments:

Post a Comment

Pages