මිනුවන්ගොඩ කේස් එකට සම්බන්ධ නැති අයත් රිමාන්ඩ් කරලා | gossip lanka - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Tuesday, May 21, 2019

මිනුවන්ගොඩ කේස් එකට සම්බන්ධ නැති අයත් රිමාන්ඩ් කරලා | gossip lanka



මිනුවන්ගොඩ නගරයේ ඇතිවුණු කලහාකාරී සිදුවීම් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් අතර එම කලහාකාරී සිදුවීම්වලට කිසිසේත්ම සම්බන්ධ නැති කිහිප දෙනෙක් සිටින බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි වාර්තා වේ. ඉදිරි නඩු දිනයේ දී ඒ අය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකර මුදා හැරීමට අවශ්‍ය පියවර ගැනීමට පොලිසිය සූදානම්වන බවද මේ අතර වාර්තා වේ.


මේ අතර, උසස් පොලිස් නිලදාරියකු මාධ්‍යට පවසා ඇත්තේ මිනුවන්ගොඩ ගිනි තැබූ සැබෑ අපරාධකරුවන් මේ වන විට හෙළි වී ඇති බවත් ළඟදීම ඔවුන්ව අත්අඩංගුවට ගන්නා බවත්ය.

ඒ අය අතර විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂයක ක්‍රියාකාරිකයෙක් සිටින බවද ඔහු හෙළිකර තිබේ.

මිනුවන්ගොඩ ගිනි තැබීමට ජනතාව මෙහෙයවන ලද්දේ ඔහු බවට තොරතුරු රැසක් හෙළිවෙමින් ඇතැයි ද එම නිලධාරියා වැඩි දුරටත් කියා තිබේ. 

No comments:

Post a Comment

Pages