පාස්කු ඉරිදා ප්‍රහාරයේ වියදම් අණාවරණය/gossip lanka - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Thursday, May 16, 2019

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වියදම් අණාවරණය/gossip lanka

https://www.gossiplankanews.com/2019/05/17-300-4000-is-funds-saharan.html#more

පාස්කු ඉරිදා ප්‍රහාරයට අවශ්‍යවූ වියදම අයිඑස් සංවිධානයෙන් හා ලංකාවේ අයිඑස් හිතවාදී ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු මගින් සහරාන් ඇතුළු කල්ලියට ලැබෙන්නට ඇති බවට මේ ගැන පරීක්ෂණ පවත්වන පොලිසියට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත.
අයිඑස් යනු මේ මොහොත වනවිට ලොව ධනවත්ම ත්‍රස්ත ජාලය බව කියැවේ. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව 2014 කළ ගණනයක් අනුව 
සංවිධානයේ වාර්ෂික ආදායම දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 බව පැවසිණි. මේ වනවිට ඒම අගය තවත් ඉහළ විය හැකිය.
 සිරියානු සහ ඉරාක හමුදාවන් පළා යන විට අත්හැර දමා ගිය ඇමරිකානු සහ රුසියානු අවි ගබඩා, සන්නද්ධ රථ ආදිය සමග සංවිධානය සතුව 2015 මැයි මාසය වනවිට වත්කම් – ඩොලර් බිලියන 1.25 බව දක්වා තිබුණි.
අයිසිස් සංවිධානය මුදල් උපයාගන්නේ ඉරාක සිරියානු තෙල් නිධි වල තෙල් අලෙවියෙන්, අත්පත් කරගත් ප්‍රදේශවල පෞරාණික භාණ්ඩ අලෙවියෙන්, බදු අය කර ගැනීම සහ කප්පම් ගැනීම් වලින්, මත් කුඩු අලෙවියෙන්, ඉරාකයේ රජයේ බැංකු පද්ධතියෙන් සොරාගත් මුදල්  හා පර්සියානු ගල්ෆ් රාජ්‍ය වල ප්‍රදානයන්ගෙන් බව කියැවේ.
අයිසිස් සංවිධානයේ සමස්ත අයිසිස් සංවිධානයේ සමස්ත ත්‍රස්ත සංඛ්‍යාව මෙරි ඈන් මාධයවේදිනිය කළ විහ්ලේෂනය අනුව ලක්ෂ 2 ක් පමණ වන බව ගණන් බලා ඇත. ඉන් අඩක්ම එනමම් ලක්ෂයක් පමණ සිරියාව 

හා ඉරාකයෙන් පිටත සිටින අය බවද එම වාර්තාවේ දැක්වේ.
අයිසිස් සංවිධානයට එම සංවිධානයට ප්‍රධානීන්, මධ්‍යම ශ්‍රේණීන්ට අයත් අණදෙන නිලධාරීන්  මෙන්ම ඊට පහළ ශ්‍රේණි කිහිපයක්ද සිටින බව පැවසේ. ලංකාවේ ජාතික තවුහිත් ජමාත් වැනි සංවිධාන මෙම ජාලය තුළ ලියාපදිංචිවී ඒ ඒ රටවල් භාරගෙන සටන් කරන බව පැවසේ.
මොවුන්ට වැටුප්ද ගෙවනු ලැබේ .එක් එක් ත්‍රස්ත නිළධාරියාගේ හෝ ත්‍රස්ත සටන් කරුවාගේ වගකීමේ තරාතිරම අනුව මාසකයට ඇමරිකානු ඩොලර් 300 සිට ඇමරිකානු ඩොලර් 4000 ක් තෙක් වැටුප් ලැබෙන බව විදෙස් බුද්ධි තොරතුරු වාර්තා කර ඇත.
සහරාන් හෂීම්ද මේ අනුව ආදායම් ලබන්නට ඇති බව සැලකේ.

අවසාන කාලයේ සහරාන් සිය පවුලේ සාමාජිකයන්ට විශේෂත්වයක් දක්වමින් සැලකීමද මරාගෙන මැරෙන ප්‍රහාරයන්ට සූදානමින් සිටි කිහිප දෙනෙකුටම ගැටලුවක් ව තිබුණ බවට තොරතුරු හෙලි විය.. සහරාන් සමඟ කිසිදු සම්බන්ධකම් නැති බව සඳහන් කරමින් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අන්තර්ජාතික ජනමාධ්‍ය ඉදිරියේ කිඹුල් කඳුළු හෙළු සහරාන්ගේ නැඟණිය මොහොමදු හසීම් මදානියාටද සහරාන් විටෙන් විට මුදල් ලබාදී තිබිණි. අවසන් වරට ඇය කාතන්කුඩියේ සිට කොළඹට කැඳවමින් ඔහු රුපියල් ලක්ෂ 20ක් අත තබන්නේ වියදමට තබා ගන්නැයි කියාය. අසීමාන්තික ලෙස ඔහු සිය ඥාතීන්ට සංවිධානයේ මුදල් එසේ වැය කිරීම් සෙස්සන්ට රිස්සුවේ නැත. එය පුපුරා යන්නේ නව නායකයා ලෙස නෞෆර් මවුලවි පත් වෙමිනි.
මවුලවි තමන්ට හිතවත් සාමාජිකයන් සමඟ රහස් සාකච්ඡා පවත්වා ඇත්තේ වත්තල එඬේරමුල්ලේ පිහිටි ඇමතිවරයකුගේ සහෝදරියකට අයත් නිවසකදීය. එම නිවස ඔවුන් කුලියට ගත්තකි. ඒ රුපියල් 60000ක මාසික කුලියකටය.

එම කුලී නිවසේ ගත කර ඇත්තේ මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීම් සම්බන්ධයෙන් මෙන්ම වනාතවිල්ලුවේ පුහුණු කදවුර භාරව සිටීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සොයමින් සිටි මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක්, ඔහුගේ බිරිය ෆාතිමා ලතීෆා සහ සාදික්ගේ බාල සහෝදරයා වන මොහොමඩ් ඉවුහයිම් ශාහිඩ් අබ්දුල්හක් යන තිදෙනාය. ඊට අමතරව සංවිධානයේ සාමාජිකයන් වන ගම්පොළ පාසලක ගුරුවරයෙකු වන මොහාමඩ් ඉර්ෂාඩ්, මාවනැල්ලේ පදිංචිකරුවෙකු වන මොහොමඩ් රනීස් සහ කුරුණැගල පදිංචිකරුවෙකු වන මොහොමඩ් නෞෆර් ද විටෙන් විට නවාතැන් ගත්තේ එම නිවසේය.
එඩේරමුල්ලේ පිහිටි ඇමති සහෝදරියගේ නිවසටඅමතරව පාස්කු ප්‍රහාරය සැලසුම් කිරීමට තවත් නිවාස හතරක් ඔවුහු යොදාගත් බව මුලදී පොලිස් පරීක්ෂණ වලට ආරංචි විය. නමුත් මේ වනවිට සැකකටයුතු නිවාස 17 ක් ගැන පොලිසියට කරුනු හෙළිවී ඇත.

.කටානේ ඩේවිඩ් පෙරේරා මාවතේ පිහිටි පුපුරන ද්‍රව්‍ය සැඟවූ නිවසත් පාණදුර සරික්කම්මුල්ලේ පිහිටි බෝම්බ ඇටවූ නිවසත් හැරුණු කොට ඒ සදහා ඔවුන් කුලියට ගෙන තිබුණු නිවසක් පිහිටියේ ගල්කිස්ස පන්සල පාරේ තට්ටු නිවාස සංකීර්ණයකය. සහරාන් වැඩි කාලයක් සැඟ වී සිට ඇත්තේ එහිය. ඊට අමතරව සහරාන් සෙසු නි නිවාසවලද විටෙන් විට සැඟ වී සිට ඇත.

බෝම්බ සඟවන්නට යොදාගත් තවත් නිවසක් වන්නේ දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි ඊබ්‍රාහිම් නිවසය. 
ප්‍රහාරයට පෙර ලැගුම් ගත් නිවාස ලෙස පොලිසිය හඳුනාගෙන ඇත්තේ, කටුවාපිටිය, දළුවාපිටිය,ශාන්ත අන්තෝනි පාර, කොල්ලුපිටිය, කිරුළපන මයුර පෙදෙස,ගල්කිස්ස ටෙමප්ලර් පාර, පානදුර සරික්කමුල්ල,සයින්දමරුදු, වනාත විල්ලුව,එඩේරමුල්ල, කලගෙඩිහේන,මල්වාන, තිහාරිය,වාලච්චනේ රිදීතැන්න,හෙට්ටිපොළ, කටුපොත, නින්දවුර්, කුලියාපිටිය සුභාරතීපුර යන ස්ථානයි.
මීට අමතරව සහරාන්ගේ පුහුනුකඳවුරු ලෙස වනාතවිල්ලුව,හම්බන්තොට, නුවර එලිය, මහනුවර අරුප්පොල,මල්වාන, කාත්තන්කුඩි හා වාලච්චනේ ස්තාන වල කඳවුරු පිහිටුවා ඇති බවද සොයාගෙන ඇත.
මේවායේ වාසය කිරීමට හා වියදමට ඇති තරම් ඔවුනට මුදල් ලැබී ඇත්තේ අයිඑස් සංවිධානයේ මූල්‍ය ශක්තිය සහාරන් සතුවූ බැවිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් කළ විමර්ශන වලින් පෙනී ගොස් ඇත්තේ සහරාන්ගේ ජාතික තවුහිත් සංවිධානය රට පුරාම ව්‍යාප්තව ඇති සංවිධානයක් බවය. එහි ව්‍යාප්තියට විදේශවලින් විශාල වශයෙන් මුදල් මෙරටට පොම්ප වී ඇති අතර ඊට අමතරව මෙරට ව්‍යාපාරිකයන් රැසක්ද මුදල් යොදවා ඇතැයි හෙළි වී තිබේ. දේශිය වශයෙන් ඊට මුදල් වැඩි වශයෙන් යොදවා ඇත්තේ දෙමටගොඩ මහවිල උද්‍යානයේ පදිංචිව සිටි ප්‍රකෝටිපතියෝය.

අයිඑස් මුදල් වලට අමතරව ජුවලරි හිමිකරුවන් කිහිප දෙනෙකු ද ඇතුළු ව්‍යාරිකයන් රැසකගේ තොරතුරු දැන් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුවය. අතේ සතේ නැතිව මෙයට සිවු වසරකට පෙර ත්‍රී රෝද රථවලින් සහ බස් රථවලින් රට පුරා යමින් අන්තවාදී දේශන පවත්වමින් සිටි සහරාන්ට වෑන් රථයක් පවා ලබාදෙන්නේ දෙමටගොඩ ඊබ්‍රාහිම්ලාය. කාතන්කුඩියේ ඔහුගේ සංවිධානයට අයත් ව ලෑලි මඩුවක පවත්වාගෙන ගිය දේවස්ථානය පවා අලංකාරව ඉදි කරන්නට මුදල් වැය කරන්නේ ඊබ්‍රාහිම්ලාය. ආරක්ෂක අංශ විසින් එළියට දැමූ සැකකටයුතු වාහන ලැයිස්තුවේ ඇති වාහන 20 මිලදී ගන්නට පවා මුදල් ආයෝජනය කරන්නේ ඊබ්‍රාහිම්ලාය.


No comments:

Post a Comment

Pages