හලාවත නොසන්සුන්.ඇදිරි නිතිය ක්‍රියාත්මක වේ./gossip lanka - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Sunday, May 12, 2019

හලාවත නොසන්සුන්.ඇදිරි නිතිය ක්‍රියාත්මක වේ./gossip lanka

https://www.gossiplankanews.com/2019/05/blog-post_12.html
ප.ව.1.45
හලාවත මුස්ලිම් රෙදි කඩයට ප්‍රකෝපව පැමිණි පිරිසෙන් තවත් කොටසක් ශ්‍රී ලංකා තව්හීත් ජමාත් සංවිධානයේ හලාවත කාර්යාලය හා යාඥා කිරිමේ මධ්‍යස්ථානය ලෙස හලාවත වට්ටක්කුලිය ප්‍රදේශයේ  පවත්වා ගෙන ගිය නිවසකටද අද දවල් ප්‍රහාරයක් එල්ල කළ බව වාර්තාවේ.

එම නිවසේ තාප්පය පෙරලා බිම දමා වත්තට ඇතුළු වී  නිවසේ ජනේලවීදුරු වලට පහර දුන් බවද වාර්තාවි ඇත. ශ්‍රී ලංකා තව්හීත් ජමාත් (SLTJ) යනු පසුගියදා රජය තහනම් කළ බව පැවසුන සහරාන්ගේ ජාතික තවුහිත් ජමාත් සංවිධානය (NTJ) නොවේ.

ප.ව.1.15
අද 12 ඉරිදා උදෑසන හලාවත නගරයේ නොසන්සුන් වූ පිරිස විසුරුවන්න අහසට වෙඩි තැබීමට හමුදාවට සිදුවූ අතර හෙට උදෑසන දක්වා අඳිරි නීතිය පනවන්නට මේ වනවිට කටයුතු කර තිබේ.
වාර්තාවන ආකාරයට හලාවත බසාර් වීදියේ පිහිටි හස්මාර්ස් නමැති මුස්ලිම් වයාපාරික රෙදි වෙළෙඳ සැලේ හිමිකරු බව පැවසෙන හස්මාර් හමීඩ් නමැති පුද්ගලයෙකු සිය මුහුනු පොතේ තැබූ සටහනකින් “උබලට හිනා වෙලා ඉන්න පුලුවන් අද විතරයි හෙට අඩන්න වෙනවා” ලෙස දන්වා තිබේ.
එයට විශාල වශයෙන් 


විරුද්ධ කොමෙන්ටු පළව ඇති බවත් අනතුරුව ඔහු ඊට දැක්වූ අයහපත් ප්‍රතිචාර නිසා කෝපය මතුකර පිරිස් ඇවිස්සී ඇත.
පසුව මුහුණු පොතේ සටහනට පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් මෙම පිරිස එක්වී හලාවත මුලස්ථාන පොලිසිය අසලට රැස්වී ඉල්ලීමටද ගොස් තිබේ. නමුත් පොලිසිය හරියාකාරව ක්‍රියා නොකරන බව දක්වමින්
 කුපිතවූ තරුණ පිරිස් එකතුවී හලාවත නගරයට පැමිණ හස්මාර් හමීඩ්ගේ කඩසාප්පුව සොයාගොස් නොසන්සුන්කාරී ලෙස හැසිරුණ බව කියැවේ. ඔහුට පහරදී ඇති බවත් ඒ සමගම අවට මුස්ලිම් වෙළෙඳ සල්වලටද තර්ජනාත්මක තත්වයක් මතුවූ බවත් වාර්තාවේ.
පිරිස පළවා හැරීමට අහසට වෙඩි තැබීමට යුද හමුදාවට සිදු විය.
කඩ විදියේ සියලු වෙළදසැල් වහා වසා දැමු බවත් වාර්තා විය.
තරුණයන් පිරිස සමග කතෝලික පියතුමෙකුද මෙම විරෝධයට එකතුවී තිබී ඇත.
හස්මාර්ට අයත් රෙදි කඩයට අලාභ හානි සිදුව ඇත.පොලිස් ඇදිරි නීතිය සමග නගරය ජන ශුන්‍යවී ඇත.
 තුවාල ලද හස්මාර් හමීඩ් පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු අත්අඩංගුව යටතේ රෝහල් ප්‍රතිකාර ලබන බවද වාර්තාවේ.

ප.ව.12.50
හලාවත නගර මධ්‍යයේ මීට සුළු වෙලාවකට පෙර දෙපිරිසක් අතර ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් හලාවත නගර සීමාවට බලපැවැත්වෙන පරිදි හෙට (13) පෙරවරු 6 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව වාර්තා වේ.

No comments:

Post a Comment

Pages