අනවසර ආගමික මධ්‍යස්ථානයකින් හමු වු සිවුරට සමාන රෙදි නිසා බෞද්ධාගමිකයින්ට ප්‍රහාරයක්යැයි බියක්/gossip lanka - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Thursday, May 2, 2019

අනවසර ආගමික මධ්‍යස්ථානයකින් හමු වු සිවුරට සමාන රෙදි නිසා බෞද්ධාගමිකයින්ට ප්‍රහාරයක්යැයි බියක්/gossip lanka

https://www.gossiplankanews.com/2019/05/buddhist-place-target-attack.html
සුදු රෙදි හා සිවුරු සම්බන්ධ සිද්ධි වාර්තාවීමත් සමග නැවත ප්‍රහාර එල්ල වන බවටත් ඒ බෞද්ධ සිද්ධස්ථාන හෝ බෞද්ධ පිරිස් ඉලක්ක කගෙන වියහැකි බවටත් මේ වනවිට බියක් පැතිර තිබේ.
ඊයේ කුලියාපිටිය යායවත්ත ප්‍රදේශයේ 
පොලිසිය හා හමුදාව එක්ව කළ 

මෙහෙයුමකදී අනවසර ආගමික මධ්‍යස්ථානයක තිබී සිවුරකට සමාන විශාල රෙදිකඩක් හමුවූ බව පොලිසිය කියයි.

ඒ ආසන්න නිවසක තිබී යුද හමුදාව පළඳින කබායට සමාන ඇඳුම් කිහිපයක් සහ හමුදා සපත්තු වලට සමාන සපත්තු කිහිපයක්ද හමුවී ඇත.

මෙම ස්ථානයේ සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට පත්ව ඇත.
මින් ඉහත මීරිගමදී සුදු රෙදි කට්ටල මිලටගැනීමේ සිද්ධියක්ද වාර්තාවී තිබුණ අතර ඉන් බොහෝ කට්ටල හමුවී තවත් 2 ක් පමණක් හමුනොවී පවතින බවද පොලිසිය වාර්තා කර තිබේ.
සියලූම ආගමික ස්ථාන සහ පාසල්වල ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා අතිරේක නිලධාරීන් යොදවන ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා  ත‍්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. 

No comments:

Post a Comment

Pages