මිය ගිය ජනතාවට සාධාරණය ඉටුකිරීමට නීතිමය පියවර ගන්නවා. කාදිනල්තුමා. | gassip lanka - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Tuesday, May 21, 2019

මිය ගිය ජනතාවට සාධාරණය ඉටුකිරීමට නීතිමය පියවර ගන්නවා. කාදිනල්තුමා. | gassip lanka

https://www.gossiplankanews.com/2019/05/cardinal-sue-for-gov.html

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් මිය ගිය ජනතාවට සාධාරණය ඉටුකිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන්නැයි තමන් නීති අංශවලින් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.


තමන්ට දැන් ඉතිරිව ඇත්තේ නීතියේ සරණ පමණක් බව ද 


කාදිනල්තුමෝ සඳහන් කළහ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් මිය ගිය අයගේ ඥාතීන්ට බරපතළ  අසාධාරණයක් සිදුව ඇති බව කී අගරදගුරුතුමෝ එම නිසාවෙන් අත සෝදාගෙන පැත්තකට වී සිටීමට නොහැකි බව ද කීහ.

නමුත් රටේ නායකත්වය අත සෝදාගැනීමේ ක‍්‍රියාවලියකට එළඹ සිටින බව ද කාදිනල්තුමෝ කියා සිටියහ.

මේ අතර පසුගිය දා සිදුවූ  සිදුවීම පිටුපස සිටින පුද්ගලයන් ගැන සොයා බලා රජය හා ආරක්ෂක අංශ ඔවුන් පිළිබඳව පියවර ගත යුතු බව ද අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් ප‍්‍රකාශ කළහ.

ශ්‍රී ලංකාවේ ජනතාව අතර සිංහල සංස්කෘතියක් ඇති බවත් ඒ සංස්කෘතිය ගොඩනැගී ඇත්තේ බුද්ධාගමේ සංකල්ප සහ ඉගැන්වීම් පදනම් කරගෙන බවත් කී අගරදගුරුතුමෝ ශ‍්‍රී ලංකාව බුද්ධාගම සම්බන්ධ නැති රටක් බවට කිව නොහැකි බවද කීහ.

ලංකාව සිංහල ආර්ය සංස්කෘතියකට අනුව සකස් වූ රටක් බව කී කාදිනල්තුමෝ රටට ඉහළින් ගමන් ගන්නා විට වැඩිපුරම දක්නට ලැබෙන්නේ වැව් සහ දාගැබ් බව ද සඳහන් කළහ.

මේ වන විට මීගමුව ප‍්‍රදේශයේ ගෙයින් ගෙට සෝදිසි කිරීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් එය වැදගත් ආරක්ෂක ක‍්‍රියාදාමයක් බවත් කාදිනල්තුමෝ කීහ. 

No comments:

Post a Comment

Pages