සහරාන් නායකයා බවද සුදු ඇදුම් මිලදි ගැනීමට හේතුවද දැන සිටියේ නැහැ- සාදියා - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Monday, May 6, 2019

සහරාන් නායකයා බවද සුදු ඇදුම් මිලදි ගැනීමට හේතුවද දැන සිටියේ නැහැ- සාදියා

Image result for questions mark


මේ වනවිට පොලිස් රැඳවුම්භාරයේ සිටිමින් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සහරාන් හසීම්ගේ බිරිය ෆාතිම සාදියා පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ තවත් කරුණු රැසක් අනාවරණය කර තිබෙන බව වාර්තාවේ.

පාස්කු ප්‍රහාරය සිදු කළ බව කියන තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රධානියා හැටියට සහරාන් හසීම් මාධ්‍ය මගින් පුන පුනා හැඳින්වුවද ඔහු ඇත්තටම එහි නායකයාද යන්න ගැන ගැටලුවක් මතුවන බව සාදියා ලබාදී ඇති විස්තර අනුව
හෙළිව තිබේ.
ඇයගේ විස්තර අනුව සවුදි අරාබියේ වෙසෙන නවුෆර් මවුලවි නමැත්තා සහරාන්ගේද නායකයා ලෙස කටයුතු කර තිබුණ බවට කරුනු හෙළිවේ.

සහරාන් නාරම්මල, කාත්තන්කුඩි හා කොළඹ ස්ථාන කිහිපයක‍් ඇතුළු තමන් නොදන්නා දිවයිනේ ස්ථාන ගණනාවක මතවාදී දේශන පවත්වන්නට ගිය බව සාදියා හෙළි කර ඇත.
 සාමාන්‍යයෙන් 100 න් 200 ක් අතර 


පිරිසක් ඒවාට සහභාහි වූ බවත් ඔහු මුණගැසීමට විවිධ තරාතිරම්වල පුද්ගලයන් පැමිණි නමුත් ඔවුන් කවුදැයි කීමට නමා නොදන්නා බවත් ඔහු දෙමළින් කතාකරන ඒවා තේරුණත් ඔවුන් සමග අරාබි බසින් කතා කළ දේවල් තමන්ට නොතේරුණ බවත් ඇය පවසා ඇත.

ගිරිඋල්ල නගරයේ රෙදි සාප්පුවකට ගොස් කාන්තා සුදු ඇඳුම් මිලදී ගන්නැයි සහරාන් තමාට උපදෙස් දුන් අවස්ථාවේ ඔහුට අවනතවී එය කළ නමුත් එසේ කරන්නේ ඇයිද යන්න ඔහු තමාට හෙළි කරේ නැති බවත් ඉස්සරහට ඕනවෙනවා පමණක් කී බවත් ඇය පවසා ඇත.
තම සැමියා කරන ඇතැම් වැඩ ගැන දන්නේ ඔහුම පමණක් බවත් තමාට සියලු දේ කියා නැති බවත් ඒ සමගම ඇය පවසා ඇත.

කල්මුණේ, සයින්දමරුදු පිපිරීමෙන් තුවාල ලබා අම්පාර රෝහලේ දැනට ප්‍රතිකාර ලබමින් සිටින සාදියාගෙන් පොලිසිය ප්‍රශ්න කිරිමේදි ඇය මෙසේද පවසා ඇත.
“මං ඉගෙන ගත්තේ 09 වන ශ්‍රේණිය දක්වා පමණයි. සහරාන් මට මුණගැහෙන්නෙ කුරුණෑගල නාරම්මල කැකුණගොල්ල ඉස්කෝලෙදී.
එයා ආවා අපට කුරානය උගන්වන්න. මුලදි තාත්තා ඔහු ගෙනාපු යෝජනාවට කැමති වුණේ නෑ.” 
“සහරාන් සමග විවාහවෙද්දි මගේ වයස අවුරුදු 15ක් විතර වෙනවා. නවුෆර් මවුලවි කියා කෙනෙක් අපේ අම්මටයි තාත්තාටයි ගෙනා යෝජනාවක් අනුව නමා මම ඔහුත් එක්ක 2009 විවාහ වුණේ. නවුෆර් මවුලවි සෞදි අරාබියේ කලයක් හිටිය කෙනෙක්. මට මගේ මහත්තයා ඔය කියන සංවිධානයට බඳවා ගන්නේ නවුෆර් මැවුලවි තමා.ඔහුගේ උපදෙස් මත තමා 

සැමියා හැම දෙයක්ම කළේ කියා විතරක් මම දන්නවා. නවුෆර් මවුලවි සෞදි අරාබියේ සිට වරින් වර ලංකාවට එනවා. '

ඔහු එක්ක ගමනක් යන විට  වටපිට බලන්නට තහනම් කරලා තිබුණා. බිම බලගගෙනයි යන්න කියන්නෙ.
මේ අතරෙ ඔහු ආගම් උමතුව වැඩි වෙන වග පෙනුණා.

ඔහු රට පුරා ගිහින් දේශන තිබ්බා කියලා ආරංචි වුණා. අනුගාමිකයන් එකතු කළා. ඒ වැඩේට පවුල රකිනවට වඩා වෙහෙසුණා..ඔහු දේශනා තියමින් ඇවිද්ද එකයි කළේ. මේ වැඩේට අපි මොන තරම් අකමැති වුණත් ඔහු අපව මුළුමනින්ම නොතකා හැරියා. එයා ඒ සංවිදානයේ නායකයාද කියල මං හරියටම දන්නෑ. නමුත් ඔහු වටා පිරිස හිටියා”

ඒ අනුව සහරාන් වෙනත් බලවේග වලින් හසුරුවන ලද පුද්ගලයෙකු බවට පොලිසියට සැකයක් මතුව ඇත.
ඔහු තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රචාරක ලේකම් ලෙස හෝ සන්නද්ධ අංශය බාරව සිටි පුද්ගලයා පමණක් වියහැකි බවටද සැක පහළවී තිබේ.
පිපිරීමේදී තුවාල ලැබූ සාදියාගේ කුඩා දියණිය  මොහමඩ් රුබෙයියාද ඇය සමගම රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර දියණියට අමතරව තවත් අවුරුදු 8 ක පිරිමි දරුවෙකුද ඔවුනට සිටි නමුත් පිපුරුමෙන් එම දරුවා මියගොස් තිබුණි.

No comments:

Post a Comment

Pages