
ඊයේ (30) අලුයම 2.30ට පමණ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ෆොනී චණ්ඩ සුළි කුණාටුව පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා.
එහි දැක්වෙන්නේ ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පවතින චණ්ඩ සුළි කුණාටුව (29) වන විට ත්‍රිකුණාමලය සිට නැගෙනහිරට බරව ඊසාන දෙසින් කිලෝමීටර් 640 පමණ දුරින් ස්ථානගතව පවතින බවයි.
මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුළදී ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේ යැයි අනුමාන කෙරෙන බවද සඳහන් කරනවා.
තවද මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයට ඔබ්බෙන් වයඹ දෙසට ගමන් කර ක්‍රමයෙන් නැවත හැරී උතුරට බරව ඊසාන දෙසට ගමන් කරනු ඇතැයි ද අනුමාන කෙරෙයි.

No comments:
Post a Comment