කුරුණෑගල දොස්තර ගැන ලියු දිවයින කතෘගෙන් පැය 5 ප්‍රශ්ණ කෙරේ | www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Tuesday, May 28, 2019

කුරුණෑගල දොස්තර ගැන ලියු දිවයින කතෘගෙන් පැය 5 ප්‍රශ්ණ කෙරේ | www.gossip lanka sri news.com



කුරුණෑගල මහ රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් මහතා විසින් සිසේරියන් සැත්කම්වලදී සිංහල කාන්තාවන් වඳ භාවයට පත් කළ බව කියන සිද්ධිය මුලින්ම හෙළිදරව් කළ ‘දිවයින’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ හේමන්ත රන්දුණු මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පැය පහක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගත්තේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉරිදා දිවයින පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ අනුර සොලමන් මහතාගෙන්ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ ලබාගෙන ඇත.

ඉකුත් සෙනසුරාදා (25 වැනිදා) පෙරවරු 10.00 ට පමණ අනුර සොලමන් මහතා සහ හේමන්ත රන්දුණු මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර එදින සවස 3.00 පමණ වනතුරු රන්දුණු මහතාගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගැනීමට කටයුතු කර තිබිණි.

මෙම පුවතට අදාළ තොරතුරු ලබා ගැනීම සම්බන්ධයෙන් සහ මෙම ප‍්‍රවෘත්තිය පළකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් රන්දුණු මහතාගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කර තිබේ.

සිංහල කාන්තාවන් සිසේරියන් සැත්කම්වලදී වඳ භාවයට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස කථානායක කරු ජයසූරිය මහතා පසුගිය දා වැඩබලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න මහතාට නියෝගයක් කර තිබිණි.

ඒ අනුව වැඩබලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න මහතා මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙනු ලැබීය.

No comments:

Post a Comment

Pages