2019 ලෝක කුසලානයේ සමාරම්භය මෙසේ සටහන් විය | www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Thursday, May 30, 2019

2019 ලෝක කුසලානයේ සමාරම්භය මෙසේ සටහන් විය | www.gossip lanka sri news.com

යේ එංගලන්තයේ ලන්ඩන් නුවරදී 2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය චාම් අන්දමින් ආරම්භ කරනු ලැබුවා. මධ්‍යම ලන්ඩනයේ බකිංහැම් මාලිගය ඉදිරිපස මාර්ගයේ රැස්වූ මෙවර තරග වදින කණ්ඩායම් 10 හා ආධාර කරුවන් සමාරම්භක අවස්ථාව උත්සවාකාරයෙන් සැමරුවා. 
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වත්මන් පිලට අමතරව හිටපු නායක මහේල ජයවර්ධන හා මළල ක්‍රීඩිකා දමයන්ති දර්ශාද එක්ව සිටීම විශේෂත්වයකි. එක් එක් කණ්ඩායම්වල 
පැරණි ක්‍රීඩකයින්ට අයිතම ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර මාර්ගයේ අටවා තිබූ කෘත්‍රිම විකට්ටුවේ සිට පිතිකරණයේ යෙදීමටද මහේල ඉදිරිපත් වුණා. මෙම අවස්ථාවට ඕස්ට්‍රෙිලියානු පිලේ හිටපු නායක පොන්ටින් ද පැමිණියා. හිටපු කොදෙව් නායක විවියන් රිචර්ඩ්ස්ද එක්වුණා.මේ අතර ලෝකයම කථාබහට ලක්වූ නොබෙල් 

ත්‍යාගලාභී මලාලා යූසෆ්සි මෙන්ම බොලිවුඩ් නිළි ෆර්හාන් අක්තර්ද එක්වුණා.
අනතුරුව ක්‍රිකට් කණ්ඩායම් 10 වෙනුවෙන් රැජිණගේ ආරාධනයෙන් රජ මාලිගයේ විශේෂ භෝජන සංග්‍රහයක් සූදානම් කර තිබූ අතර එලිසබෙත් මහ රැජිණ හැරී කුමරු ඇතුළු රජ පවුලේ සාමාජිකයින්ද මෙයට එක්ව සිටියා.
රැජිණ සමග ක්‍රිකට් නායකයන් සමූහ ඡායාරූපයකටද පෙනී සිටියා.2019 ලෝක කුසලානය අද (30) සිට මාස දෙකහමාරක් පුරා එංගලන්තයේ හා වේල්සයේ ක්‍රිකට පිටිවල පැවැත්වෙනු ඇත. මෙවර තරගාවලියට එක්වන කණ්ඩායම් කාණ්ඩ වලට බෙදා නැති අතර කණ්ඩායම් සියල්ල අනෙක් කන්ඩායම් සමග තරග වැදීමට අවස්ථාව සැලසෙන පරිදි මුල්වටය සංවිධානය කර ඇත. අද සත්කාරක එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර පළමු තරගය ලන්ඩනයේ ඕවල් පිටියේදී පැවැත්වෙනු ඇති අතර ශ්‍රී ලංකාව සහභාගීවන මුල් තරගය නවසීලන්ත සමග ජුනි 1 වනදා කාර්ඩිෆ්හිදී ඇරඹේ.

No comments:

Post a Comment

Pages