Peace TV නාලිකාව පීයෝ ටීවී හා ඩයලොග් ටීවී වලින් ඉවත් කෙරේ - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Wednesday, May 1, 2019

Peace TV නාලිකාව පීයෝ ටීවී හා ඩයලොග් ටීවී වලින් ඉවත් කෙරේ

Image result for peace tv
මුස්ලිම් අන්තවාදී අදහස් සහිත වැඩසටහන් විකාශය කරන බවට කාලයක් තිස්සේ විවේචනයට ලක්වූ  Peace TV නාලිකාව 
පීයෝ ටීවී හා ඩයලොග් සේවාවන් ඔස්සේ 


විකාශය නතර කිරීමට ටෙලිකොම් හා ඩයලොග් ආයතන තීරණය කර ඇත.
නොමිලේ විකාශය කෙරුණ මෙම ආගමික නාලිකාව මේ වනවිටත් එම සේවාවන් ඔස්සේ විකාශය නොවේ.
මුස්ලිම් අන්තවාදී අදහස් පැතිරීම එම ත්‍රස්තවාදයට උපකාර කරවන්නක් විය හැකි නිසා මෙම තීරණය ගෙන ඇති බව වාර්තාවේ.

ශ්‍රී ලංකාවේ මරාගෙන මැරෙන ප්‍රහාර ආකාරයටම 2016 බංග්ලාදේශයට එල්ලවූ ඉන්දීය තව්හිඩ් ජමාඩ් ප්‍රහාර වලින් පසු මුස්ලිම් බහුතරයක් වෙසෙන බංග්ලාදේශයේද මෙම නාලිකාව තහනම් කරන ලදි.

මෙයට හේතුවූයේ බංග්ලාදේශයට එල්ලවූ ප්‍රහාර ගැන පසුව කළ විමර්ශන වලින් Peace TV නාලිකාවේ ප්‍රධාන කථිකයෙකු වන Zakir Naik නමැති දේශකයාගේ දේශනවල බලපෑම ත්‍රස්තයින්ට ලැබී තිබුණ බවයි.
ඒවා අසා ඒ අනුව හිත් වෙනස් කරගෙන අන්තවාදින් බවට පත්වූ බවට ත්‍රස්තයින් සම්බන්ධ අධ්‍යයන වලින් හෙළිව තිබුණි. Zakir Naik , Peace TV  නාලිකාවේ නිර්මාතෘවරයාද වෙයි.

No comments:

Post a Comment

Pages