කල්මුනේ පරාජය වසා ගැනීමට අයිඑස් සංවිධානය ව්‍යාජ නිවේදනයක් නිකුත් කරයි//gossip lanka - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Sunday, April 28, 2019

කල්මුනේ පරාජය වසා ගැනීමට අයිඑස් සංවිධානය ව්‍යාජ නිවේදනයක් නිකුත් කරයි//gossip lanka



ල්මුණේ ප්‍රදේශ කිහිපයකදී පසුගිය සිකුරාදා සිදුවූ සිදුවීම් වලට අදාළව අයිඑස් සංවිධානය මගින් නිකුත් කළ බව කියන නිවේදනයක් ගැන රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.
අමාක් පුවත් සේවය උපුටා ගනිමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ අයිඑස් සාමාජිකයින් තිදෙනෙකු අදාළ ප්‍රහාරය සිදුකර ඇති බවත් 
එහිදි පොලිස් නිලධාරින් 17 දෙනෙකු තුවාල ලබන්නට හෝ මියයන්ට ඇති බවත්ය. මේ ගැන කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නැති බවද රොයිටර් වාර්තා කර ඇත.

ඔවුන් එසේ පැවසුවත් මෙම ප්‍රහාරයේ දී කිසිදු පොලිස් නිලධාරියෙකු හෝ ආරක්ෂක අංශ සාමාජිකයෙකු තුවාල ලබා හෝ මියගොස් නොමැති බව

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කර තිබුණි. එහිදී මියගියේ මරාගෙන මැරුණ ත්‍රස්තවාදීන් කාන්තාවන් දරුවන් ඇතුළු 16 ක් බව මේ වනවිට තහවුරුවී ඇත.

ඒ අනුව කල්මුනේ ගැටුම අසාර්ථකවීමෙන් පසු අයිඑස් සංවිධානය ලෝකය නොමග යැවීමට ව්‍යාජ නිවේදනයක් නිකුත් කර ඇති බව හඳුනාගන්නට ලැබේ.

මේ අතර 'අයිඑස් ප්‍රහාරවල අවසානය මෙය නොවේ' යයි කියන ව්‍යාජ පොස්ටුවක්ද අයිඑස් හිතවාදීන් හෝ වෙනත් කිසියම් පාර්ශ්වයක් මගින් සමාජ මාධ්‍ය තුළ පතුරුවා හැර ඇති බවට තොරතුරු ලැබී තිබේ.

පහත පළවන්නේ  අරාබි බසින් තනි පිටුවකින් නිකුත් කළ අමාක් පුවත් නිවේදනය හා රොයිටර් වාර්තාවයි.
ගිනිගත් වෑන් රථය අසළ වැටී පිළිස්සීගිය මරාගෙන මැරුණ සාමාජිකයාගේ දේහය පහළම ඡායාරූපයෙන් හඳුනාගත හැකිය.

No comments:

Post a Comment

Pages