සහරාන් තවමත් නිදැල්ලේද -ආරක්ෂක අංශ මේ වනවිට විශ්වාස කරයි/ gossip lanka - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Friday, April 26, 2019

සහරාන් තවමත් නිදැල්ලේද -ආරක්ෂක අංශ මේ වනවිට විශ්වාස කරයි/ gossip lanka

සුගිය ඉරිදා සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ මහ මොළකරු  මොහොමඞ් කාසීම් මොහොමඞ් සහරාන් තවමත් ජීවතුන් අතර සිටින බව ආරක්ෂක අංශ මේ වනවිට විශ්වාස කරයි.
ෂැන්ග්‍රිලා බෝම්බකරු ඔහු යයි කළ අනුමාන වැරදි බව පොලිසියට පසුව ඒත්තු ගියේය.
මීට පෙර මාවනැල්ල ප‍්‍රදේශයේදී සිදුවූ බුද්ධ ප‍්‍රතිමාවලට හානි කිරීමේ සිද්ධීන්ටද මොහු සම්බන්ධ වී ඇති අතර තවත් දෙදෙනෙකු ඊට සම්බන්ධ වී 
ඇතැයිද ඔවුන් සහෝදරයන් බවටද තොරතුරු ලැබී තිබුණි. 
කෙසේ වෙතත් බෝම්බ පිපිරීමට එක් නොවූවද සැලසුම පසුපස සහරාන් සිටින බව පොලිසිය සැක කරයි.
අයි එස් සබඳතා සහිතව පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ තව්හිද් ජමාත් සංවිධානය  

තවත් ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පවතින බව පොලිස්පතිවරයා විසින් ජනාධිපති ආරක්ෂක දිසාව, විශේෂ ආරක්ෂක දිසාව සහ අග්‍රාමාත්‍ය ආරක්ෂක දිසාව යන කොට්ඨාශ භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් දැනුවත් කර ඇතැයි වාර්තා වේ. 
එම තොරතුරු සඳහන් ලිපිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් වෙත ද යවා ඇත.
"කුප්පු පල්ලි නොහොත් අවුලියා පල්ලි" නම් ඉස්ලාම් දේවස්ථාන ඉලක්ක කරගෙන එම ප්‍රහාරය එල්ල කිරීමේ සූදානමක් පවතින බව එම ලිපියෙන් දැක්වෙයි.
කුප්පු පල්ලි යනුවෙන් හැඳිවෙන්නේ මියගිය මුස්ලිම් නායකයින්ගේ සොහොන් මුල් කරගෙන ඇදහීම් කරන මුස්ලිම් පල්ලි බව ද එම ලිපියෙහි දැක්වේ.

මේ සම්බන්ධයෙන් එක් එක් කොට්ඨාශයට අදාළ ප්‍රභූවරුන් දැනුවත් කරන ලෙසත් ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසත් එම ලිපියෙන් දන්වා ඇත.
අදාළ ලිපිය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක විසින් ට්විටර් සමාජ මාධ්‍ය ජාලයෙන් ප්‍රසිද්ධ කර තිබිණි. (පහත දැක්වේ)
27 හැවිරිදි මොහොමඞ් ඊබ‍්‍රාහීම් සහීඞ් සහ 30 හැවිරිදි මොහොමඞ් ඊබ‍්‍රාහීම් සාදික් යන අය සමග සහරාන් තවම කටයුතු කරන බවත් ඔවුන් තිදෙනාම තවමත් නිදැල්ලේ සිටින බවත් පොලිසිය සැකකරයි. මෙම සහෝදරයින් රෂීඞ් මොහොමඞ් ඊබ‍්‍රායීම් නමැති මවුලවිවරයකුගේ පුතුන්ය.
මාවනැල්ලේ පිහිටි ඔවුනගේ නිවසක තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක්  මීට මාස කිහිපයකට පෙර පොලීසිය සොයාගෙන තිබුනි.
 21 වනදා ප්‍රහාරයට පෙර 18 වනදා සිට මේ දක්වා සහරාන් ඇතුළු පවුලම අතුරුදන්ව සිටින බවට ඔහුගේ නැගණිය ඊයේ ඩේලි මිරර් පුවත්පතට පවසා තිබුණි.
මොවුන්ගේ ඉදිරි සැලසුම සෙවීමට පොලිසිය පරීක්ෂණ මෙහෙයවමින් සිටී.

No comments:

Post a Comment

Pages