අලුත් අවුරුද්දෙන් පසු රටම විශ්මජනක පුවතකට මාධ්ය් සූදානම් කලේ කවුද - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Monday, April 22, 2019

අලුත් අවුරුද්දෙන් පසු රටම විශ්මජනක පුවතකට මාධ්ය් සූදානම් කලේ කවුද


සිංහල අලුත් අවුරුද්දෙන් පසු රටම විශ්මයට පත් කරන පුවතක් අසන්නට ලැබෙන බවත් ඒ සඳහා සුදානම්ව ලෙසත් සමාජ මාධ්‍යවල ප්‍රචාරය කරමින් හදිසි පුවතක් ලැබුනහොත් අප්‍රේල් 15 දින වුව ද පුවත්පත් මුද්‍රණයට සුදානම් වන ලෙස කතුවරුන්ට පණිවිඩ ලබා දුන්නේ කවුද යන්න රටට හෙළි කරන ලෙස පවසමින් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය පුවත්පත් නිවේදනයක් නිකුත් කර ඇත.

එම සම්පුර්න නිවේදනය මෙසේය.

අන්තවාදී ආගමික අදහස් දරන පිරිසක මැදිහත්වීමෙන් ඊයේ දින ශ්‍රී ලංකාවේ ස්ථාන ගණනාවක සිදු කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය අපි දැඩි හෙලා දකින්නෙමු. එහිදී ජීවිතක්ෂයට පත් ශ්‍රී ලාංකික සාමාන්‍ය ජනතාව, විදේශිකයන් සහ පොලිස් නිලධාරීන් ගේ පවුල්වල සාමාජිකයන්ට අපගේ බලවත් සංවේගය පළ කරන අතර තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය පතමු.

වසර කිහිපයක් ජාතික සහ ආගමික සංවිධාන දිගින් දිගටම සිදු කළ අනතුරු ඇගවීම්, කරුණු දැක්වීම් නොසලකා හරිමින්, හාස්‍යට ලක් කරමින්, බුද්ධි අංශ දුර්වල කරමින් රජය අනුගමනය කළ අදුරදර්ශී ක්‍රියා පිළිවෙල මෙවන් විපතකට මග පෑදු බව අපගේ විශ්වාසයයි. තව ද ඕනෑම බලවතකුට ඕනෑම දෙයක් කර ගැනීමට ඉඩ දීමේ අමනෝඥ ක්‍රියා පිළිවෙත මෙවන් විපතකට උල්පන්දමක් විය.

පසුගිය සති කිහිපය පුරා රටේ පැතිර ගිය ආරංචි මෙවන් ප්‍රහාරයක් පිලිබඳ යම් පිරිසක් දැනුවත්ව සිටියාද යන්න පිලිබඳ සාධාරණ සැකයක් ජනිත කරවයි. සිංහල අලුත් අවුරුද්දෙන් පසු රටම විශ්මයට පත් කරන පුවතක් අසන්නට ලැබෙන බවත් ඒ සඳහා සුදානම්ව ලෙසත් සමාජ මාධ්‍යවල ප්‍රචාරය විය. හදිසි පුවතක් ලැබුනහොත් අප්‍රේල් 15 දින වුව ද පුවත්පත් මුද්‍රණයට සුදානම් වන ලෙස කතුවරුන්ට පණිවිඩ ලැබී තිබුණි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ශ්‍රී ලංකාවට තර්ජනයක් ඇති බවත්, නවසීලන්තයේ ආගමික ස්ථානයක සිදු වූ අවාසනාවන්ත සිදුවීමට ප්‍රතිචාර දැක්වීමට අන්තවාදී කණ්ඩායම් සුදානම් වන බවත් විදෙස් මාධ්‍ය හෙළි කළේය. මේ ගැන රජය සහ ආරක්ෂක අංශ තුළ තිබූ සුදානම ප්‍රමාණවත්ද යන ප්‍රශ්නය අපට මතු වේ.

තව ද ඉන්දීය තානාපති කාර්යාලය සහ කතෝලික පල්ලි ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වන බවට සඳහන් වූ ලිපියක් සහ වාර්තාවක් ඊයේ පළමු ප්‍රහාරයෙන් පැයක් ගතවීමටත් මත්තෙන් සමාජ මාධ්‍යවල හුවමාරු විය. එහි නම් සඳහන් වූ පුද්ගලයන් ඊයේ දින මරාගෙන මැරෙන ප්‍රහාරකයන් වූ බව විදෙස් මාධ්‍ය මේ වන විටත් වාර්තා කර ඇත. එසේනම් මේ ලිපිවල සඳහන් වූ තොරතුරු සම්බන්ධයෙන් අනුගමනය කළ පුර්වාරක්ෂක ක්‍රියාමාර්ග කවරේද? අනෙක් අතට ලිපිය ව්‍යාජ එකක්නම් පළමු ප්‍රහාරයෙන් පැයක් ඇතුලත ප්‍රහාරකයන් පිලිබඳ නිවැරදි විස්තර සහිතව එවන් ලිපියක් සකස් කලේ කවුද? යන ප්‍රශ්නය පැන නගී.

මේ කරුණු පිලිබඳ ඉක්මන් අවධානය යොමු කර දේශීය විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ සාමාන්‍ය ජනතාවට සැබෑ තොරතුරු කඩිනමින් ලබා දීමට රජය කටයුතු කල යුතු බව අප සංගමය අවධාරණය කරන්නෙමු. සැබෑ තොරතුරු වසන් කිරීමෙන් ජන කොටස් අතර අවිශ්වාසය වර්ධනය වන අතර අනවශ්‍ය සිදුවීම්වලට මග පාදයි. තව ද මේ ඛේදජනක අවස්ථාවේ කට කතාවලට නොරැවටී ශ්‍රී ලාංකිකයන් සතු උතුම් මානුෂීය ගුණාංග ප්‍රකට කරවමින් උපේක්ෂා සහගතව කටයුතු කරන ලෙස අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි,

මහාචාර්ය චන්න ජයසුමන
මහලේකම්
ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය

No comments:

Post a Comment

Pages