
බන්ධනාගාර අලූගෝසු තනතුර සඳහා පැවැති සම්මුඛ පරීක්ෂණයට උපාධිධාරියකු ද සහභාගි වී ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම සඳහන් කරනවා.
මෙම සම්මුඛ පරීක්ෂණයට පුද්ගලයන් 17 දෙනකු සහභාගි වී ඇති අතර, ඉන් එක් අයකු උපාධිධාරියකු බව
නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැලකෙන ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා ජීවත්ව සිටියා නම් මේ ප‍්‍රවෘත්තිය අසා එතුමා දිවිනසා ගැනීමටත් ඉඩ තිබුණු බවයි මන්තී‍්‍රවරයා සඳහන් කළේ.
පොල් කැඞීම සිය ජීවන වෘත්තීය කර ගත් උපාධිධාරියකුගේ කතාවක් මීට සති 02කට පෙර මාධ්‍යවල පළ වූ බව ද මේ රටේ උපාධිධාරීන්ට රැකියා ලබාදීම ප‍්‍රතිපත්තියක් ලෙස කි‍්‍රයාත්මක වීම මේ වනවිට අකර්මන්‍ය වී ඇති අතර මේ වනවිට රැකියා විරහිත උපාධිධාරීන් 70,000ක් රටේ සිටින බවත් මන්ත්‍රීවරයා හෙළිදරව් කර සිටියා.
No comments:
Post a Comment