සංගක්කාර සජිත් සමග එකම වේදිකාවේ - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Saturday, April 20, 2019

සංගක්කාර සජිත් සමග එකම වේදිකාවේ


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර දේශපාලන වේදිකාවලට පිවිසීම සිදුකරාවිද නැද්ද යන්න ගැන කාලයක් තිස්සේ විවිධ ලෙස කතාවූ මාතෘකාවකි. ටික කලකට ඉහත පොදු අපේක්ෂකයෙකු ලෙස ජනපතිවරණයට ඔහු තරග කරනු ඇති බවටද 
වාර්තා පළවිය. නමුත් සංගක්කාර හැමවිටම එම කාරණා ප්‍රතික්ෂේප කළේය. කරුණු එසේ තිබියදී ඊයේ අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ දේශපාලන වේදිකාවට සංගක්කාර නැංගේය. 

කෙසේ වෙතත් සංගක්කාර එසේ වේදිකාවකට නැංග හේතුව සැලකීමේදී ඔහු දේශපාලන පක්ෂපාතීත්වයක් පිණිස එය කළා යයි කිව නොහැකිය. “සදා ලෝක පූජිත කුමාර සංගක්කාරගම” නමින් උදාගමක් ආරම්භ කිරීමට මුල්ගල තැබීමක් සමග පැවති මෙම රැස්වීම ඔහු වෙනුවෙන් කරන උපහාරයකට ඔහු සහභාගී වීමක් ලෙස කෙනෙකුට අර්ථ දැක්විය හැකිය.

කෙසේ වෙතත් ඔහුට එම ක්‍රියාවට සම්බන්ධවීමද ප්‍රතික්ෂේප කරන්නට හැකියාව තිබුණ නමුත් ඔහු එසේ කර තිබුනේ නැත.
“සදා ලෝක පූජිත කුමාර සංගක්කාරගම” සඳහා මුල්ගල තැබීම හම්බන්තොට දිස්ත්‍රික්කයේ, ලුණුගම්වෙහෙර, කැන්දගස්මංකඩ ප්‍රදේශයේ දී ඊයේ (19) සිදු කෙරුණි.

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී තිබුණි.නමුත් කථාවක් නොකළේය.
 නිවාස 25 කින් සමන්විත මෙම ගම්මානයේ මෙහි එක් ප්‍රතිලාභියෙකුට නිවාස ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 7 1/2 ක නිවාස අධාරයක් හිමි වෙයි.

No comments:

Post a Comment

Pages